Last Update  :  2025-05-14 18:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පළමු ටෙස්ට් තරගයෙන් ද. අපි‍්‍රකාවට ඉනිමක ජයක්

පළමු ටෙස්ට් තරගයෙන් ද. අපි‍්‍රකාවට ඉනිමක ජයක්

ශනුක අරවින්ද - 2014 දෙසැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව දකුණු අපි‍්‍රකාවේ සෙන්චූරියන්හි ‘සුපර් ස්පෝර්ට් පාර්ක්’ කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 220 ක පහසු ජයක් අත්කරගැනීමට දකුණු අපි‍්‍රකාව සමත් විය.  

දකුණු අපි‍්‍රකානු පළමු ඉනිමේදී පැය 7 කට වැඩි කාලයක් කඩුල්ලේ රැදෙමින් හතරේ පහර 22 ක් සමග ලකුණු 208 ක් රැස්කළ නායක හෂීම් අම්ලා තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.  

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 351 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් කොදෙව් පිලට, සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 131 ක් පමණි. 

තරගයේ තෙවැනි දිනය නිමාවන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලූ 2 ක් දැවී ලකුණු 76 ක් ලබා සිටි නමුත් සිව්වැනි දිනයේදී කොදෙව් පිලේ අවසන් කඩුලූ 7 ලකුණු 34 ක් තුළ දවාගැනීමට දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නෝ සමත් වූහ. 

එහිදී දක්ෂ පන්දු යැවීමක නරත වූ දකුණු අපි‍්‍රකානු වේග පන්දු යවන කී‍්‍රඩක ඬේල් ස්ටේන්, ලකුණු 34 කට කඩුලූ 6 ක් දවාගනිමින් තම කණ්ඩායමට පහසු ජයක් අත්කර දුන්නේය. 

පන්දු යැවීමේදී ආබාධයකට ලක් වූ කොදෙව් වේග පන්දු යවන කී‍්‍රඩක කේමර් රෝච් පන්දුවට පහරදීම සඳහා පිටියට පැමිණියේ නැත. 

කොදෙව් පිලට සිය පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 201 ක් පමණි. එහිදී අවසන් කඩුලූ 6 ලකුණු 39 ක් තුළ දැවීයෑම නිසා කොදෙව් පිල දැඩි අපහසුතාවයකට පත් විය.

පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 552 ක් ලබා සිටි දකුණු අපි‍්‍රකානු පිල, ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීම සඳහා කොදෙව් පිලට ආරාධනා කර සිටියේය. 

තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා දකුණු අපි‍්‍රකානු පිලට ආරාධනා කළේය.

දකුණු අපි‍්‍රකානු පිල පළමු ඉනිම - කඩුලූ 5 ක් දැවී 552

බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 201

බටහිර ඉන්දීය කොදෙව් පිල දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 131
(කේ‍්‍රග් බ‍්‍රැත්වයිට් 20, ලියෝන් ජොන්සන් 39, මාලන් සැමුවෙල්ස් 17, ජර්මේන් බ්ලැක්වුඞ් 15, ඬේල් ස්ටේන් 34/6, මෝනි මෝකල් 43/2)

-036


අදහස් (0)

පළමු ටෙස්ට් තරගයෙන් ද. අපි‍්‍රකාවට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.