Last Update  :  2025-12-16 15:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පල්ලෙකැළේ ක්‍රීඩාංගණ සේවකයකුට කොරෝනා

පල්ලෙකැළේ ක්‍රීඩාංගණ සේවකයකුට කොරෝනා

editorial - 2021 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)
 
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙදිමේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා - බංගලදේශ පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය සඳහා යොදවා ගෙන සිටි, ක්‍රීඩා පිටියේ  කම්කරුවෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී තහවුරු වී තිබේ.
 
වර්ෂාව අවස්ථාවලදී සහ තරගයෙන් පසු ක්‍රීඩා පිටිය ආවරණය කිරීම සඳහා එම ආවරණ ඇදීමට යොදා ගන්නා තාවකාලික කම්කරුවන් පිරිසක් අතරින් එම රෝගියා හමුවී තිබේ. මේ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ නිලධාරියකුගෙන් කරන ලද විමසීමකදී ඔහු ඒ බව තහවුරු කළේය .
 
කෙසේ නමුත්, ඉන් අනතුරුව, ඔහු සමඟ සිටි ආශ්‍රිතයින් 11 දෙනෙකු එමසේවයෙන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. අද දිනයේදී (23) දිනයේ ක්‍රීඩා පිටියේ සුළු සේවකයන් ඇතුළු පිරිසට පී.සි .ආර් . පරීක්ෂණ කිරීමටද බලධාරීන් පියවර ගෙන තිබුණි .
 

අදහස් (0)

පල්ලෙකැළේ ක්‍රීඩාංගණ සේවකයකුට කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.