Last Update  :  2024-03-28 18:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්දු යවන්නෝ බ්ලූස් පිලට ජය ගෙනෙති

පන්දු යවන්නෝ බ්ලූස් පිලට ජය ගෙනෙති

editorial - 2022 අගෝ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත විස්සයි-20 ලීගයේ දෙවැනි තරගය ලෙස බ්ලූස් කණ්ඩායම සහ ග්‍රීන්ස් කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණ‍යේදී අද (8 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 32 ක පහසු ජයක් වාර්තා කිරීමට බ්ලූස් ක්‍රීඩකයෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 123 ක ඉලක්කයක් හඹාගිය ග්‍රීන්ස් කණ්ඩායමට බ්ලූස් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 18.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 90 ක් පමණි. එහිදී ප්‍රවීන් ජයවික්‍රම, දිල්ෂාන් මධුෂංක සහ සුමින්ද ලක්ෂාන් කඩුලු 2 බැගින් දවාගත්හ.

ග්‍රීන්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක දසුන් ශානක පන්දු 39 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 37 ක් රැස්කළ නමුත් ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. පිතිකරුවන් 7 දෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට මත්තෙන් පිටියෙන් ඉවත්ව යෑමද ග්‍රීන්ස් පිලට විශාල පාඩුවක් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බ්ලූස් කණ්ඩායම ඕවර 20 අවාසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 122 ක් ලබාගත්තේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ අෂේන් බණ්ඩාර පන්දු 34 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 37 ක් රැස්කරමින් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය.

නායක චරිත් අසලංක පන්දු 14 කදී ලකුණු 23 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි. 10 වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි කසුන් රාජිත පන්දු 25 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 19 ක් රැස්කළේය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජෙෆ්රි වැන්ඩසේ සිය ඕවර 4 ලකුණු 12 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත්තේය.

 
බ්ලූස් පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 122
(චරිත් අසලංක 23, ධනංජය ද සිල්වා 14, අෂේන් බණ්ඩාර නොදැවී 37, කසුන් රාජිත 19, ජෙෆ්රි වැන්ඩසේ 12/3)

ග්‍රීන්ස් පිල - ඕවර 18.3 කදී සියලු දෙනා දැවී 90
(පැතුම් නිස්සංක 16, දසුන් ශානක 37, ප්‍රවීන් ජයවික්‍රම 16/2, දිල්ෂාන් මධුෂංක 22/2, සුමින්ද ලක්ෂාන් 22/2)

 


අදහස් (0)

පන්දු යවන්නෝ බ්ලූස් පිලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.