Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නිමන්ත ශා. සර්වේශස් පිල දිනවයි

නිමන්ත ශා. සර්වේශස් පිල දිනවයි

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රමේෂ් නිමන්තගේ ශතකය (143) නිසා අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මාතර ශාන්ත සර්වේශස් විදුහල සමත් විය.

ඉකුත් වසරේ අන්තර් පාසල් තරගාවලියෙ අනුශූරයන් වූ කොළඹ තර්ස්ටන් විදුහලට එරෙහිව කොළඹදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගනිමින් ශාන්ත සර්වේශස් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

පන්දු 200 කදී වාර්තා වූ රමේෂ් නිමන්තගේ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 17 ක් ඇතුළත් විය. මෙවර තරග වාරයේදී ඔහු ලබාගත් සිව්වැනි ශතකය මෙය වන අතර මෙම ඉනිමත් සමගින් ඔහු ලකුණු 1000 සීමාවද පසුකර ගියේය.


ශාන්ත සර්වේශස් විදුහල පළමු ඉනිම -  ඕවර 90.2 කදී සියලූ දෙනා දැවී 298  
(රමේෂ් නිශාන්ත 143, රාජිත චන්දුල 35, කවිඳු උමේෂ් 31, චමිල් ධනංජය 29, චතුර ජයවික‍්‍රම නොදැවී 24, ඩිලාන් මධුසංක 94/4, චරන නානායක්කාර 29/2, තුෂාල් මධුසංක 76/2)

තර්ස්ටන් විදුහල පළමු ඉනිම -  ඕවර 59.4 කදී සියලූ දෙනා දැවී 259
(චරන නානායක්කාර 67, සජිත් ගුණතිලක 65, නිපුන් ලක්ෂාන් 57, කසුන් අබේරත්න 35, චානුක දිල්ෂාන් 79/5, චමිල් ධනංජය 29/4)

 


අදහස් (0)

නිමන්ත ශා. සර්වේශස් පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.