Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නිලවරණ අර්ජුන ආවොත් නිශාන්ත නෑ

නිලවරණ අර්ජුන ආවොත් නිශාන්ත නෑ

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක‍්‍රිකට් නිලවරණයේදී සභාපති ධුරයට තරග කිරීම පිළිබව ඉදිරි සති කීපයේදී තීරණයක් ගන්නා  බවත් මේ දක්වා ඒ පිළිබඳව තීරණයක් ගෙන නැතැයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායක, වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එසේම ක‍්‍රීකට් සභාපති ධුරයට තමන් ඉදිරිපත් වන්නේ නම් එසේ කරන්නේ රටේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව නිවැරදි මාවතකට යෝමු කිරීමට බවත් එක් එක් පුද්ගයන්ගේ පටු අදහස් වෙනුවෙන් ඒ සඳහා ඉදිරිපත් නොවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර ශී‍්‍ර ලංකා ක‍්‍රීකට් ආයතනයේ වත්මන් ලේකම් නිශාන්ත රණතුංග මහතාත් මෙවර නිලවරණයේදී ශී‍්‍ර ලංකා ක‍්‍රීකට් ආයතනයේ සභාපති ධුරයට ඉදිරිපත් වීමට නියමිත අතර

නිලවරණය සඳහා අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් වීම සම්බන්ධයෙන් නිශාන්ත රණතුංග මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ තම සහෝදරයා නිලවරණයට ඉසිරිපත් වුවහොත් තමන් ඒ සඳහා ඉසිරිපත් නොවන බවයි.

මීට අමතරව ක‍්‍රිකට් නිලවරණය සඳහා බොහෝ දෙනෙකුගෙන් ඉල්ලීම් ඉදිරිපත්වී ඇත් බව අර්ජුන රණතුංග මහතා ප‍්‍රකාශ කරයි.

"පසුගිය කාලයේ ක‍්‍රිකට් පරිපාලකයින් පෙනී සිටියේ දේශපාලඥයින් වෙනුවෙන්. හිටපු ජනාධිපතිතුමන්ට හා දේශපාලකයිනට අවශ්‍ය ලෙස ක‍්‍රිකට් ආයතනයට පුද්ගලයින් පත් කළා. එයින් ක‍්‍රීඩාව විනාශ වුණා. ක‍්‍රීඩකයන් දේශපාලනයට යොමුකිරීමෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩාවත් දේශපාලනීකරණය වුණා. නමුත් නව රජයේ අපේක්ෂාව වන්නේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් දේශපාලනය ඉවත් කිරීමයි.

මම කි‍්‍රකට් පාලක මණ්ඩලයට පැමිණියහොත් ක‍්‍රීකට් ආයතනය දේශපාලනීකරණය වෙන්න ඉඩ දෙන්නේ නෑ. ක‍්‍රීඩකයන් ක‍්‍රීඩා කරනවා පරිපාලකයන් පරිපාලවය කරනවා. ඉදිරි නිලවරණය පිළිබඳව 1996 ලෝක කි‍්‍රකට් කිරුළ දිනූ කණ්ඩායමේ ක‍්‍රීඩකයින්ද මා සමග සාකච්ඡ කළා.

මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් පසු තරුණ කී‍්‍රඩකයන් හා එක්ව ලෝක කුසලානයක් දිනාගැනීම සඳහා අවශ්‍ය වැඩ පිළිවෙළක් කෙරෙහිද අපි අවධානය යොමුකර තිබෙනවා.” යැයි අර්ජුන රණතුංග මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

ශී‍්‍ර ලංකා ක‍්‍රීකට් ආයතනයේ නිලවරණය අපේ‍්‍රල් 30 වැනිදා පැවැත්වීමට නියමිතය.


අදහස් (0)

නිලවරණ අර්ජුන ආවොත් නිශාන්ත නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.