Last Update  :  2025-08-14 18:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නීෂාම් - සැන්ටර් - ලොකී නවසීලන්තයට ජය ගෙනෙති

නීෂාම් - සැන්ටර් - ලොකී නවසීලන්තයට ජය ගෙනෙති

editorial - 2020 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජේම්ස් නීෂාම්ගේ (නොදැවී 48) සහ මිචෙල් සැන්ටර්ගේ (නොදැවී 31) පිතිහරඹයත්, ලොකී ෆර්ගසන්ගේ (21/5) පන්දු යැවීමත් හමුවේ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ඕක්ලන්ඞ්හිදී අද (27 වැනිදා) පැවැති පළමු විස්සයි20 තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 5 කින් ජය ගැනීමට නවසීලන්තය සමත්විය. ඒ අනුව තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද නවසීලන්තයට හැකිවිය.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ය පළමු පන්දුවට පහරදීමට බටහිර ඉන්දීය කොදෙව් පිලට ආරාධනා කළ අතර ඕවර 1.4 කදී වර්ෂාව ඇඳහැලීම හේතුවෙන් තරගය නතර කිරීමට සිදුවිය. මිනිත්තු 30 කට පමණ පසු නැවත ආරම්භ කළ අතර තරගය ඕවර 16 කට සීමා විය. ඕවර 16 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 180 ක් රැස්කිරීමට බටහිර ඉන්දීය කොදෙව් පිල සමත්විය.

ආරම්භක පිතිකරු ඇන්ඩි්‍ර ෆ්ලෙචර් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 14 කදී හයේ සහ හතරේ පහර 3 බැගින් එල්ල කරමින් ලකුණු 34 ක් ලබාගත්තද, කොදෙව් පිලේ පිතිකරුවන් පස්දෙනෙකු ලකුණු 59 ක් තුල දැවී ගියහ. ඇන්ඩ්‍රි ෆ්ලෙචර් සහ බ්‍රැන්ඩන් කිංග් එකතුව පළමු කඩුල්ල සඳහා ලකුණු 58 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ අතර ඉතිරි කඩුලු 4 ලකුණක් තුල දැවී ගියේය.

නායක කිරන් පොලඞ් සහ ෆේබියන් ඇලන් එක්ව 6 වැනි කඩුල්ල සඳහා පන්දු 50 කදී ලකුණු 84 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් කොදෙව් පිල වැටී තිබූ අගාධයෙන් ගොඩගැනීමට සමත්වූහ.

පන්දු 37 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 75 ක් රැස්කිරීමට පොලාඩ් සමත්වූ අතර ඇලන් පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 30 ක් ලබාගත්තේය.

විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ලොකී ෆර්ගසන් සිය ඕවර 4 ලකුණු 21 කට සීමාකර කඩුලු 5 ක් දවාගනිමින් සිය විස්සයි20 ජාත්‍යන්තර දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත්විය.

ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය සඳහා නවසීලන්තයට ඕවර 16 කදී ලකුණු 176 ක ඉලක්කයක් හිමිවූ අතර ඕවර 15.2 කදී කඩුලු 5 ක් පමණක් දැවී ඔවුන් ඉලක්කය පසු කිරීමට සමත්වූහ.

ජේම්ස් නීෂාම් පන්දු 24 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 48 ක් ලබාගත් අතර ඩෙවන් කෝන්වේ පන්දු 29 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 41 ක් ලබාගනිමින් නවසීලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගියේය. මිචෙල් සැන්ටර් පන්දු 18 කදී හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 31 ක් රැස්කරමින් නවසීලන්ත පිලේ ජයග්‍රහණයට දායක විය.


බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 16 කදී කඩුලු7 ක් දැවී 180
(ඇන්ඩ්‍රි ෆ්ලෙචර් 34, කරන් පොලාඞ් නොදැවී 75, ෆේබියන් ඇලන් 30, ලොකී ෆර්ගසන් 21/5, ටිම් සෝති 22/2)

නවසීලන්තය - ඕවර 15.2 කදී කඩුලු 5 ක් දැවී 179
(ඩෙවන් කෝන්වේ 41, ග්ලෙන් ෆිලිප්ස් 22, ජේම්ස් නීෂාම් නොදැවී 48, මිචෙල් සැන්ටර් නොදැවී 31, ඔෂේන් තෝමස් 23/2, )

 


 

- 2079


අදහස් (0)

නීෂාම් - සැන්ටර් - ලොකී නවසීලන්තයට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.