නාත්තන්ඩිය ධම්මිස්සරට කඩුලු 5 ක ජයක්
නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල සහ හලාවත ආනන්ද විද්‍යාලය අතර නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ‘මුතු හටන’ වාර්ෂික සීමිත ඕවර ක්‍රිකට් තරගය කඩුලු 5 කින් ජයගැනිමට නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල ඊයේ (5 වැනිදා) සමත්විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් හලාවත ආනන්ද විද්‍යාලයට ඕවර 26.1 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 152 ක් පමණි.
පසිඳු හේෂාන් (53) අර්ධ ශතකයක් ලබාගනිමින් හලාවත ආනන්ද විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වීය.
මොහොමඞ් රිස්ලාන් ලකුණු 28 කට කඩුලු 5 ක් සහ රුසිරු හංසක ලකුණු 24 කට කඩුලු 3 ක් දවාගනිමින් නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ජයග්‍රහණය කරා ලකුණු 153 ක ඉලක්කයක් හඹාගිය ධම්මිස්සර ජාතික පාසල ඕවර 31.1 කදී කඩුලු 5 ක් දැවී ඉලක්කය් පහසුවෙන් පසුකිරීමට සමත්විය.
කසුන් ගුණවර්ධන නොදැවී ලකුණු 40 ක්ද නිස්ලක නයනජිත් සහ නිසල් ප්‍රනාන්දු ලකුණු 30 බැගින් රැස්කරමින් ධම්මිස්සර ජාතික පාසල ජයග්‍රහණය කරා රැගෙන ගියහ.
ආනන්ද විද්‍යාලය - ඕවර 26.1 කදී සියලුදෙනා දැවී ලකුණු 152
(පසිඳු හේෂාන් 53, දිල්ශාන් සත්සර 22, මොහොමඞ් රිස්ලාන් 28/5, රුසිරු හංසක 24/3, අශාන් ශානුක 40/2)
ධම්මිස්සර ජාතික පාසල - ඕවර 31.1 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 154
(කසුන් ගුණවර්ධන නොදැවී 40, නිස්ලක නයනජිත් 30, නිසල් ප්‍රනාන්දු 30, අශාන් බණ්ඩාර 29/2)