Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානයට එරෙහිව ක්‍රයිස්ට්චර්ච් හි පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 176 ක ජයක් ලැබූ නවසීලන්තය ඉතිහාසයේ ප්‍රථම වතාවට අයි.සී.සී ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ස්ථානය දිනා ගත්තේය.
නායක කේන් විලියම්සන්ගේ ද්විත්ව ශතකය හමුවේ පහසු ජයක් ලබාගත් නවසීලන්තය පසුගිය වසර 10 තුළ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ අංක එකේ ස්ථානයට පත්වූ හයවැනි රට බවට පත්විය. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් ආරම්භයේ සිට අංක 1 ස්ථානයට පත්වූ හත්වන රට වූ නවසීලන්තය පසුගිය වසර කිහිපය තුළ වැඩි කාලයක් දෙවන ස්ථානයට පත්වී සිටියේය.
නවසීලන්තයට ශ්‍රේණිගත ලකුණු 118 ක් හිමිවී ඇති අතර ඕස්ට්‍රේලියාව ශ්‍රේණිගත ලකුණු 116 ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානයේ පසුවෙයි. ඉන්දියාව ශ්‍රේණිගත ලකුණු 114 ක් ලබාගනිමින් තෙවැනි ස්ථානයේ පසුවන්නේය. කෙසේ වෙතත් බෝඩර් - ගවස්කාර් ටෙස්ට් තරගාවලියේදී ඕස්ට්‍රේලියාවට හෝ ඉන්දියාවට තරගාවලිය 3-1 ක් ලෙස ජයගැනීමට හැකිවුවහොත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හී ප්‍රතිඵලය වෙනස් වනු ඇත.
එංගලන්තය ශ්‍රේණිගත ලකුණු 106 ක් ලබාගනිමින් සිවුවැනි ස්ථානයේත් දකුණු අප්‍රිකාව ශ්‍රේණිගත ලකුණු 96 ක් ලබාගනිමින් පස් වැනි ස්ථානයේත් පසුවෙති.
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය ආරම්භවීමට පෙර ශ්‍රේණිගත කිරීම්හී 5 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව තරගාවලිය 2-0 ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රේණිගත ලකුණු 5 ක් අහිමිකර ගනිමින් එක් ස්ථානයක්ද පහත වැටුණේය. ඒ අනුව ශ්‍රේණිගත ලකුණු 86 ක් සමගින් හිමිකර ගනිමින් ශ්‍රී ලංකාව 6 වැනි ස්ථානයට වැටී සිටී.
හය වැනි ස්ථානයේ පසුවු දකුණු අප්‍රිකාවට තරගාවලිය ජය ගැනීමත් සමගින් ශ්‍රේණිගත ලකුණු 6 ක් එක්වූ අතර මේ වනවිට ශ්‍රේණිගත ලකුණු 96 ක් සමගින් 5 වැනි ස්ථානය දක්වා ඉහළ ගියේය.
නවසීලන්තය හමුවේ තරගාවලිය 2-0 ක් ලෙස පරාජයට පත්වූ පාකිස්තානු පිලෙන් ශ්‍රේණිගත ලකුණු 3 ක් අඩුවුවද මුළු ශ්‍රේණිගත ලකුණු 82 සමගින් මේ වනවිට ඔවුන් 7 වැනි ස්ථානයේ පසුවන්නේය.
බටහිර ඉන්දීය කොදෙව් පිල ශ්‍රේණිගත ලකුණු 77, ඇෆ්ඝනිස්තානය ශ්‍රේණිගත ලකුණු 57 ක් සහ බංග්ලාදේශය ශ්‍රේණිගත ලකුණු 55 ක් ලබාගනිමින් පිළිවෙලින් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි 8, 9 සහ 10 වැනි ස්ථාන වල පසුවෙති.
ඉතිහාසයේ පළමු වරට මෙවර කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කිරීමේදී ඇෆ්ඝනිස්තානය හොඳම කණ්ඩායම් 10 අතරට එක්වෙමින් 9 වැනි ස්ථානයට පත්වී ඇති අතර බංග්ලාදේශය 10 වැනි ස්ථානය දක්වා පහත වැටී ඇත. සිම්බාබ්වේ කණ්ඩායම හොඳම කණ්ඩායම් 10 අතරින් ඉවතට විසිවි ඇත. පූර්ණ සාමාජිකත්වය ලබාගත් අනෙක් කණ්ඩායමවූ අයර්ලන්තය නියමිත කාළයට නියමිත තරග සංඛ්‍යාව සම්පූර්ණ කර නොතිබීම හේතුවෙන් ශ්‍රේණිගත කිරීම්වලට එක්වී නොමැත.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.