Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කෑගල්ල ශාන්ත මරියා විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර ධර්මරාජ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පැරබෝලා ක්‍රමයට අනුව ලකුණු 22 ක ජයක් වාර්තා කිරීමට ධර්මරාජ විදුහල සමත් විය.
ශාන්ත මරියා විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා පුරෝගාමී වූ උපේන්ද්‍ර වර්ණකුලසූරිය ලකුණු 7 කට කඩුලු 4 ක් දවාගත් අතර තුෂාන් හේරත් ලකුණු 13 කට කඩුලු 3 ක් දවාගත්තේය.
වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ධර්මරාජ විදුහල කඩුලු 2 ක් දැවී ලකුණු 93 ක් ලබා සිටියේය.
ශාන්ත මරියා විදුහල් පළමු ඉනිම - ඕවර 35 කදී සියලු දෙනා දැවී 116
(දිනේෂ් පෙතියාගොඩ 27, සන්දීප වීරසූරිය 26, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 07/4, තුෂාන් හේරත් 13/3, දනුක රත්නායක 15/2)
ධර්මරාජ විදුහල් පළමු ඉනිම - ඕවර 20.3 කදී කඩුලු 2 ක් දැවී 93
(ජනිත් ගුණරත්න 39, දුලාජ් බණ්ඩාර නොදැවී 29)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.