අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල සහ ශ්‍රී දේවානන්ද විදුහල අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 52 වැනි ‘සුනිල සංග්‍රාමය’ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු දිනය (30 වැනිදා) අවසානයේ දේවානන්ද විදුහලේ පළමු ඉනිම ලකුණු 106 කට සීමා කිරීමට ධර්මාශෝක විදුහල් පන්දු යවන්නෝ සමත් වූහ.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ අකිල මෙන්ඩිස් ලකුණු 7 කට කඩුලු 4 ක් දවාගනිමින් දේවානන්ද විදුහල් පළමු ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට පුරෝගාමී වූ අතර කවිඳු නදීෂාන් කඩුලු 3 ක්ද, දිනුක දිල්ෂාන් කඩුලු 2 ක්ද දවාගනිමින් ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන්හ.
පළමුවෙන් පන්දුවට පහරදුන් ධර්මාශෝක විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 201 ක් ලබාගත් අතර එහිදී ශනුල ශාමින් ලකුණු 75 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.
දේවානන්ද විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ශමිඳු අනුෂ්ක ලකුණු 52 කට කඩුලු 5 ක් බිඳහෙළු අතර දිවිඳු ද සිල්වා සහ චාමික පෙරේරා එහිදී කඩුලු 2 බැගින් දවාගත්හ.
ධර්මාශෝක විදුහල පළමු ඉනිම - ඕවර 52.3 සියලු දෙනා දැවී 201
(ශනුල ශාමින් 75, ශෙනාල් දේශායි 24, හසිඳු මල්ෂාන් නොදැවී 31, ශමිඳු අනුෂ්ක 52/5, දිවිඳු ද සිල්වා 04/2, චාමික පෙරේරා 52/2)
දේවානන්ද විදුහල පළමු ඉනිම - ඕවර 35.3 සියලු දෙනා දැවී 106
(සොහාන් ද සිල්වා 44, මිතිල ප්‍රනාන්දු 24, අකිල මෙන්ඩිස් 07/4, කවිඳු නදීෂාන් 38/3, දිනුක දිල්ෂාන් 27/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.