Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රත්ගම දේවපතිරාජ විදුහල සහ ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ මහ විදුහල අතර රත්ගම පොදු ක‍්‍රීඩාංගනයේ පැවති වයස අවුරුදු 19 පහල අන්තර් පාසල් ක‍්‍රිකට් තරගයෙන් රත්ගම දේවපතිරාජ විදුහල් කණ්ඩායම කඩුලූ 9ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සමත්විය.
මෙහිදී රත්ගම දේවපතිරාජ විදුහලේ ප‍්‍රසන්න කරුනාවංශ ලකුණු 84ක් සහ තිසර දිල්ශාන් ලබාගත් ලකුණු 62 නිසා මුල් ඉනිමේදී ලකුණු 300 සීමාව ඉක්මවා යාමට දේවපතිරාජ විදුහලට හැකිවිය.
රත්ගම දේවපතිරාජ විදුහල පළමු ඉනිම ඕවර 82.5 කදී සියලූදෙනා දැවී ලකුණු 342 යි.
(ප‍්‍රසන්න කරුනාවංශ 84, තිසර දිල්ශාන් 62, රවීන් යසස් 54, සසිදු සත්සර 51, නිලන්ත රුක්ෂිත 22, දුෂාන් ලක්ෂිත 68/4, බුද්ධික රුවන් 40/2, රවිඳු විනෝද් 52/2)
ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ මහ විදුහල පළමු ඉනිම ඕවර 28 කදී සියලූ දෙනා දැවී ලකුණු 135යි
(උදිත මධුරංග 47, දිනුක තේමින්ද 27, යසිඳු යුලන්ත 26, කසුන් ලහිරු 42/3, තිසර දිල්ශාන් 48/2, උමේෂ් කසුන් 12/2, රවීන් යසස් 17/2 )
ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ මහ විදුහල දෙවන ඉනිම ඕවර 59.3 කදී සියළුදෙනා දැවී ලකුණු 235 යි
( බුද්ධික රුවන් 38, රුසිත දිල්ශාන් 30, දුශාන් ලක්ෂිත 31, උදිත මධුරංග 24, පැතුම් මධුෂංක 36/4, කසුන් ළහිරු 54/2)
රත්ගම දේවපතිරාජ විදුහල දෙවන ඉනිම ඕවර 3.3 කදී කඩුලූ 1 කට ලකුණු 30යි.
(උමේෂ් කසුන් 19)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.