මතුගම ආනන්ද ශ‍්‍රාස්ත‍්‍රාලය ලකුණු 64 කින් පරාජය කළ රත්ගම දේවපතිරාජ විදුහල අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර කි‍්‍රකට් තරගාවලියේ III වැනි කාණ්ඩයේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.
තරගය ජයගැනීම සඳහා ආනන්ද ශ‍්‍රාස්ත‍්‍රාලය ලකුණු 204 ක් රැස්කළ යුතු වුවත්, සියලූ දෙනා දැවී ඔවුන්ට රැස්කරගත හැකිවූයේ ලකුණු 139 ක් පමණි.
දේවපතිරාජ විදුහල වෙනුවෙන් නිලංක රුක්ෂිත ලකුණු 79 ක් රැස්කරමින් සහ ලකුණු 20 කට කඩුලූ 2 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.
දේවපතිරාජ විදුහල - ඕවර 48 කදී සියලූ දෙනා දැවී 203
(නිලංක රුක්ෂිත 79, රමිඳු නිකේෂල 30, අවිෂ්ක ගිම්හාන 26, රවීන් යසස් 12, දිල්ෂාන් කාංචන 12, කේ. එදිරිසිංහ 28/2, කේ. කෞෂාන් 21/2)
ආනන්ද ශ‍්‍රාස්ත‍්‍රාලය - ඕවර 48.3 කදී සියලූ දෙනා දැවී 139
(තාරක මධුසංක 28, අශාන් දිනූෂ 14, හිරුෂ රොෂාන් 14, ධනුෂ්ක රොෂාන් 13, ළහිරු මධුවන්ත 14/2, නිලංක රුක්ෂිත 20/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.