Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානු පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය කරච්චිහි ජාතික ක්‍රීඩාංගණයේදී හෙට (30) පැවැත්වීමට නියමිතය. දිවා රාත්‍රී තරගයක් වන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 ට ආරම්භ වීමට නියමිතය.
මෙම තරගය අද (29) පැවැත්වීමට මීට පෙර දින නියම කර තිබුණ ද පසුගිය සිකුරාදා කරච්චි නරගයට ඇද හැලුණු අධික වාර්ෂාවෙන් ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීමෙන් තරගය අද දිනයට කල්දමන ලදි. එම වර්ෂාව හේතුවෙන් එම ක්‍රීඩාංගණයේ පසුගිය සිකුරාදා (27 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ පළමු තරගය ද අතහැර දැමීමට සිදුවිය.
කරච්චි ක්‍රීඩාංගණය තුළ ද සැළකිය යුතු ලෙස ජලය පිරී තිබුණි. ඒ හේතුවෙන් ක්‍රීඩාංගණය යථා තත්ත්වයට පත්වීමට දින දෙකක පමණ කාලයක් ගතවන බැවින් තරගය දිනයක් පසු පසට දැමීමට දෙරටේ ක්‍රිකට් බලධාරීහූ තීරණය කළහ.
“මෙම සතියේ දැඩි වර්ෂාවක් බලාපොරොත්තු විය හැකියි.....”
“සිකුරාදා දැඩි වර්ෂාවක් ලැබුණා. ඒ හේතුවෙන් ක්‍රීඩාංගණය ජලයෙන් යට වුණා. එය යථා තත්ත්වයට පත්කිරීමට දින දෙකක් ඕන බව ක්‍රීඩාංගණය කාර්ය මණ්ඩලය පවසනවා” යැයි පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ජාත්‍යන්තර ක්‍රිකට් අධ්‍යක්‍ෂ සකීර් ඛාන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණි.
කාලගුණ වාර්තා අනුව අදත් (29) දිනයේ ද කරච්චි නුවරට වර්ෂාව ලැබෙන බවට අනාවැකි පළවී තිබුණි. කෙසෙ වෙතත් අද සවස ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පුහුණුවීම් වල නිරතව සිටියහ.
-048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.