Last Update  :  2025-12-22 16:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දූෂණ මැඬලීමට පනතක්

දූෂණ මැඬලීමට පනතක්

ශනුක අරවින්ද - 2018 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී සිටින මුදලට තරග පාවාදීමේ චෝදනා පිළිබඳව අවධානය යොමු කරමින් ක්‍රිකට් තරග සහ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් නීති සම්පාදනය කරමින් පාර්ලිමේන්තු පනතක් ගෙන ඒමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වෙයි.

ක්‍රීඩා අමාත්‍ය ෆයසිර් මුස්තාෆා මහතාගේ යෝජනාවක් අනුව මෙම නීති සම්පාදනය කිරීම ක්‍රියාත්මක වේ.

නීති සම්පාදනය කිරීමේ ක්‍රියාවලියේ පළමු පියවර ලෙස ඒ සඳහා උපදෙස් ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරී මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කමල් පත්මසිරි මහතා ප්‍රමුඛ කණ්ඩායමක් ලබන සඳුදා එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතය.

එම කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමතිධර්මවර්ධන යන මහත්වරු ඇතුළත් වෙති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ සම්බන්ධයෙන් එවැනි නීති ක්‍රියාත්මක වන බවත් ඒ පිළිබඳව අධ්‍යනය කිරීම මෙම සංචාරයේ අරමුණ බවයි.

“අපි ඒ පිළිබඳව අවධානය යොමු කරලා නීති සකස් කරනවා. එය පාර්ලිමේන්තු පනතක් හැටියට නීතිගත කරන්න තමයි ක්‍රීඩා අමාත්‍යවරයා බලාපොරොත්තු වෙන්නේ” යැයි ඒ මහතා වැඩි දුරටත් පැවසීය.  


අදහස් (0)

දූෂණ මැඬලීමට පනතක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.