Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ලද සිවුවැනි ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්විය. මෙම සතිය ආරම්භ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවූ දිල්ලි කණ්ඩායම එහි පෙරමුණට පැමිණියේ සඳුදා (5 වැනිදා) පැවැති තරගයකදී ලකුණු 59 කින් බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම පරාජය කරමිනි.
එම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 197ක ඉලක්කයක් හඹාගිය බැංගලෝර් කණ්ඩායමට කගිසෝ රබාඩා ප්‍රමුඛ දිල්ලි පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දුයැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 137ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ රබාඩා සිය ඕවර 4 ලකුණු 24 කට සීමා කරමින් කඩුලු 4 ක් දවාගත්තේය.
නායක විරාට් කෝලි පන්දු 39 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 43 ක් ලබාගත් නමුත්, දිල්ලි පන්දු යවන්නන්ගෙන් එල්ල වූ පීඩනය හමුවේ ලකුණු 20 සීමාව පසුකර යෑමට බැංගලෝර් කණ්ඩායමේ සෙසු පිතිකරුවෝ අපොහොසත් වූහ. එහිදී අක්ෂර් පටේල් සහ ඇන්රිච් නොට්ජේ කඩුලු 2 බැගින් බිඳහෙළීමට සමත් වූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ මාකස් ස්ටොයිනිස් පන්දු 26 කදී නොදැවී ලකුණු 53 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි. පිත්වි ෂෝ (42) සහ ශිකර් ධවාන් (32) එක්ව පළමු කඩුල්ලවෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 68 ක සම්බන්ධතාවක් ගොඩනගමින් දිල්ලි කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.
පන්දු 23 කට මුහුණදුන් ෂෝගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 28 කදී වාර්තා වූ ධවාන්ගේ ඉනිම හතරේ පහර 3 කින් සමන්විත විය. රිෂාබ් පාන්ට් පන්දු 25 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 37 ක් රැස්කරමින් දිල්ලි කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළට ඔසවා තැබීය.
දිල්ලි කැපිටල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 4 කට 196
(පිත්විෂෝ 42, ශිකර් ධවාන් 32, රිෂාබ් පාන්ට් 37, මාකස් ස්ටොයිනිස් නොදැවී 53, මොහොමඩ් සිරාජ් 34/2)
බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 137
(විරාට් කෝලි 43, වොෂින්ටන් සුන්දර් 17, කගිසෝ රබාඩා 24/4, අක්ෂර් පටේල් 18/2, ඇන්රිච් නොට්ජේ 22/2)
-036
(ඡායාරූප - අයි.පී.එල්. නිල වෙබ්අඩවිය අනුග්‍රහයෙනි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.