Last Update  :  2025-07-17 18:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දිල්ලි පිලට ලකුණු 7 ක තියුණු ජයක්
අයි.පී.එල්. - 2023

දිල්ලි පිලට ලකුණු 7 ක තියුණු ජයක්

editorial - 2023 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ (24 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 7 ක තියුණු ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් විය. ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන දිල්ලි කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ දෙවැනි ජයද මෙය විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 145 ක ඉලක්කයක් හඹාගිය හයිද්‍රාබාද් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 137 ක් පමණි. අක්සර් පටේල් ලකුණු 21 කට කඩුලු 2 ක්ද, ඇන්රික් නොකියා ලකුණු 33 කට කඩුලු 2 ක්ද බිඳහෙළමින් හයිද්‍රාබාද් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ. 

හයිද්‍රාබාද් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු මායන්ක් අගර්වාල් පන්දු 39 කදී හතරේ පහර 7 ක් සමග ලකුණු 49 ක් රැස්කලේය. වොෂින්ටන් සුන්දර් හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 24 ක්ද, හෙන්රික් ක්ලාසන් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 31 ක්ද රැස්කළ නමුත් ඔවුන්ට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 144 ක් ලබාගත්තේය. එහිදී මනීෂ් පාණ්ඩේ හතරේ පහර 2 ක් සමග ලකුණු 34 ක්ද, අක්සර් පටේල් හතරේ පහර 4 ක් සමග ලකුණු 34 ක්ද රැස්කරමින් දිල්ලි ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. මිචෙල් මාෂ් පන්දු 15 කින් ලකුණු 25 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි. 

දිල්ලි කැපිටල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 144 
(ඩේවිඩ් වෝනර් 21, මිචෙල් මාෂ් 25, මනීෂ් පාණ්ඩේ 34, අක්සර් පටේල් 34, වොෂින්ටන් සුන්දර් 28/3, බුවනේෂ්වර් කුමාර් 11/2) 

සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 137 
(මායන්ක් අගර්වාල් 49, හෙන්රික් ක්ලාසන් 31, වොෂින්ටන් සුන්දර් නොදැවී 24, අක්සර් පටේල් 21/2, ඇන්රික් නොකියා 33/2) 

-036 


අදහස් (0)

දිල්ලි පිලට ලකුණු 7 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.