Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකරන දිමුත් කරුණාරත්නගේ අර්ධ ශතකය (නොදැවී 91) හමුවේ ජොහැන්නස්බර්ග්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (4) තරගය නතර කරනවිට දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 4 කට ලකුණු 150 ක් රැස්කර සිටියේය.
ලකුණු 145 ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකාව මේ වනවිට දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 5 ක් ඉදිරියෙන් සිටින නමුත් ඉතිරිව ඇත්තේ කඩුලු 6 ක් බැවින් එම කඩුලු ආරක්‍ෂා කරගනිමින් තරගයක් ලබාදීම සඳහා විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යායුතුව ඇත.
දිමුත් කරුණාරත්න ලකුණු 91 ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 18 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර පස්වැනි කඩුල්ල සදහා මේ වනවිට ඔවුන් දෙදෙනා එක්ව ලකුණු 41 ක සම්බන්ධතාවයක්ද ගොඩනගූහ. නමුත් තරගය දෙස සුභවාදිව බැලීමට නම් කඩා වැටී ඇති ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමේ වගකීම මොවුන් දෙදෙනාගේ කර මතට ගත යුතුව ඇත.
තේ පානයට පෙර ලුන්ගි න්ගිඩිගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ලකුණක් ලබාසිටි කුසල් පෙරේරාට පිටියෙන් ඉවත්වීමට සිදුවිය.
ඉන්පසු දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න එක්ව ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමට සාර්ථක අඩිතාලමක් දමමින් සිටියදී ලුන්ගි න්ගිඩිගේ පන්දුවක් හමුවේ ඩි‘කොක් අතට උඩපන්දුවක් දෙමින් තිරිමාන්න ලකුණු 31 කට දැවී ගියේය. දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 86 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ඔවුන් දෙදෙනා සමත්වූහ.
තිරිමාන්නගේ දැවීයාමෙන් පසුව පන්දුවට පහරදීමට පැමිණී කුසල් මෙන්ඩිස් මෙම තරගාවලියේදී තෙවැනි වරටත් ලකුණු නොලබාම දැවී ගියේය. ලුන්ගි න්ගිඩිගේ පන්දුවක් හමුවේ ඩි‘කොක් අතට උඩපන්දුවක් දුන් මෙන්ඩිස් මුහුණදුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේය.
මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩාකරන මිනෝද් භානුක සිවුවැනි කඩුල්ල ලෙද දැවීයන විට ඔහුට ලබාගැනීමට හැකිවූයේ එක් ලකුණක් පමණි.
ඩීන් එල්ගා (127) ශතකයත්, රාසී වැන්ඩර් ඩසන්ගේ (67) අර්ධ ශතකයත් හමුවේ සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 302 ක් රැස්කිරීමට දකුණු අප්‍රිකාව සමත්විය.
සිය ටෙස්ට් දිවියේ 13 වැනි ශතකය ලබාගත් ඩීන් එල්ගා ලකුණු 127 ක් රැස්කර සිටියදී දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ පළමු ස්ලිප්හී පන්දු රකිමින් සිටි ළහිරු තිරිමාන්න අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය. පන්දු 163 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි එල්ගාගේ ඉනිම හතරේ පහර 22 කින් සමන්විත වූයේය.
දකුණු අප්‍රිකානු ඉනිම ගොඩනැගිමට ඩීන් එල්ගාට අනගි සහයක් ලබාදුන් රාසී වැන්ඩර් ඩසන් සිය ටෙස්ට් දිවියේ 4 වන අර්ධ ශතකය ලබාගත් අතර දසුන් ශානකගේ පන්දුවක් හමුවේ නිරෝෂන් දිල්වැල්ල හට උඩපන්දුවක් දෙමින් දැවී යන විට සිය ඉනිමට හතරේ පහර 12 ක් එක්කර ගැනීමට ඔහු සමත්විය.
පළමු කඩුල්ල ලකුණු 34 දී බිඳවැටීමෙන් පසුව ආරම්භක පිතිකරු ඩීන් එල්ගා සහ රාසී වැන්ඩර් ඩසන් එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 184 ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ. නමුත් පිට පිට ඕවර දෙකකදී ඔවුන් දෙදෙනා දැවී යාමෙන් පසුව නොසිතූ අයුරින් දකුණු අප්‍රිකානු ඉනිම කඩා බිඳ දැමීමට ශ්‍රී ලංකා වේගපන්දු යවන්නෝ සමත්වූහ.
ඉහළ ලකුණු සංඛ්‍යාවක් රැස්කිරීමෙන් බලාපොරොත්තුවෙන් දකුණු අප්‍රිකානුවන් අද තරග බිමට පිවිසියද ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් හමුවේ ඔවුන්ගේ බලාපොරොත්තු සුනුවිසුණුවූ අතර ලකුණු 300 සීමාවේ රැඳිමට ඔවුන්ට සිදුවූහ.
අවසන් කඩුලු 9 ලකුණු 84 ක් තුල බිඳ වැටුණු අතර ඩීන් එල්ගා සහ රාසී වැන්ඩර් ඩසන්ට අමතරව කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසු කිරීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.
10 වැනි ටේස්ට් තරගයට සහභාගිවන විශ්ව ප්‍රනාන්දු සිය ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 101 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ ඔහුට අනගි සහයක් ලබාදුන් අසිත ප්‍රනාන්දු සහ දසුන් ශානක කඩුලු 2 බැගින්ද දුෂ්මන්ත චමීර කඩුල්ලක්ද දවාගනිමින් දකුණු අප්‍රිකානු පිතිකරුවන් මෙල්ල කිරීමට සමත්වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.