Last Update  :  2026-02-08 22:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ද්‍රවිඩ සංගම් පිල ඉනිමකින් ජය ලබයි
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට්

ද්‍රවිඩ සංගම් පිල ඉනිමකින් ජය ලබයි

editorial - 2026 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාව යටතේ නුගේගොඩ ක්‍රීඩා සමාජයට එරෙහිව කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 141 ක පහසු ජයක් වාර්තා කිරීමට ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය ඊයේ (7 වැනිදා) සමත් විය.  

ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා ලකුණු 329 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් නුගේගොඩ කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 188 කට සීමා කිරීමට ද්‍රවිඩ සංගම් පන්දු යවන්නෝ සමත් වූහ.  පළමු ඉනිමේදී කඩුලු 7 ක් දවාගත් ළහිරු සමරකෝන්, දෙවැනි ඉනිමේදී ඊට නොදෙවෙනි පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 6 ක් දවාගත්තේ සිය කණ්ඩායමේ ජයග්‍රහණය තවත් පහසු කරමිනි. 

නුගේගොඩ දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අක්‍රම් මුතාලිබ් හතරේ පහර 3 ක් සමග ලකුණු 57 ක් රැස්කළ අතර ඉනිම නිමාවට පත්වන තෙක්ම කඩුල්ලේ රැදී සිටි සුවත් මෙන්ඩිස් නොදැවී ලකුණු 36 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි. එහිදී නුගේගොඩ පිතිකරුවන් මෙල්ල කිරීම සඳහා ළහිරුට අනගි සහායක් දුන් විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු 2 ක් දවාගත්තේය. 

නුගේගොඩ කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 88 ට පිළිතුරු වශයෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 417 ක් ලබාගත් ද්‍රවිඩ සංගම් කණ්ඩායම, ඉනිම අත්හිටුවමින් නුගේගොඩ කණ්ඩායමට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය. එහිදී සිය 4 වැනි පළමු පෙළ ශතකය ලබාගත් ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන හතරේ පහර 8 කින් සිය ඉනිම සැරසුවේය.   


නුගේගොඩ පළමු ඉනිම - සියලු දෙනා දැවී 88 
(ප්‍රමුද් හෙට්ටිවත්ත 31, ළහිරු සරමකෝන් 38/7, තරිඳු රත්නායක 23/2) 

ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 417 
(නවෝද් පරණවිතාන 126, තුලින දිල්ෂාන් 33, සිනෙත් ජයවර්ධන 29, විහන් තෙව්මික 46, මිනෝද් භානුක 61, ශාරුජන් ශන්මුගනාදන් නොදැවී 51, සචිත ජයතිලක 37, සුවත් මෙන්ඩිස් 71/3, තිලකරත්න සම්පත් 89/3) 

නුගේගොඩ දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 188 
(පැතුම් කුමාර 29, අක්‍රම් මුතාලිබ් 57, සුවත් මෙන්ඩිස් නොදැවී 36, ළහිරු සමරකෝන් 44/6, විජයකාන්ත් වියස්කාන්ත් 60/2) 


අදහස් (0)

ද්‍රවිඩ සංගම් පිල ඉනිමකින් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.