‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත ඕවර කි‍්‍රකට් තරගාවලියේ මහනුවර ති‍්‍රත්ව විදුහල සහ කෑගල්ල ශාන්ත මරියා විදුහල අතර පැවැති තරගයෙන් කඩුලූ 4 ක ජයක් වාර්තා කිරීමට මහනුවර ති‍්‍රත්ව විදුහල සමත්විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 191 ක් ඉලක්කයක් හඹාගිය ති‍්‍රත්ව විදුහල ඕවර 10.2 ක් ඉතිරිව තිබියදී කඩුලූ 6 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. සචිර ගාමින්ද ලකුණු 62 ක් රැස්කරමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත මරියා විදුහලට ඕවර 45.1 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 190 ක් පමණි. ලකුණු 14 කට කඩුලූ 4 ක් දවාගත් ති‍්‍රත්ව විදුහලේ ටෂිල දොඩංවල, ශාන්ත මරියා විදුහලේ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළේය.
ශාන්ත මරියා විදුහල ඕවර 45.1 කදී සියලූ දෙනා දැවී 190
(පී. කුලසිංහ 62, ආර්. රහීම් 36, පී. ශි‍්‍රයාහාන්ත 27, ආර්. සේනාධිර 22, ටෂිල දොඩංවල 14/4, හසිත බෝයගොඩ 22/2, සවිඳු අමරසිංහ 33/2)
ති‍්‍රත්ව විදුහල ඕවර 39.4 කඩුලූ 6 කට 193
(සචිර ගාමින්ද 62, ළහිරු කුමාර නොදැවී 32, සවිඳු අමරසිංහ 22, ඩිලාන් මධුසංක 21, ආර්. කුලතුංග 41/3)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.