Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තිරිමාන්නගෙන් ශතකයක්

තිරිමාන්නගෙන් ශතකයක්

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ අද (16 වැනිදා) පැවැති තරගයකදී ටීජේ ලංකා පිලට එරෙහිව ලකුණු 71 ක ජයක් හිමිකර ගැනීමට හේලීස් කණ්ඩායම සමත්විය. මෙම තරගය මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

එහිදි හේලීස් කණ්ඩායම නියෝජනය කරන ළහිරු තිරිමාන්න (නොදැවී 109) ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්විය.

තවත් තරග 3 ක් අද පැවැති අතර ඉන් ජය ගැනීමට එල්.බී.ෆිනෑන්ස්, මාස් සිලුඒටා සහ කොමර්ෂල් ක්‍රෙඩිට් යන කණ්ඩායම් සමත්වූහ.

පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ජෝන් කීල්ස් පිලට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට කොමර්ෂල් ක්‍රෙඩිට් පිල සමත්වූ අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී සම්පත් බැංකු පිල කඩුලු 4 කින් පරාජය කිරීමට මාස් සිලුඒටා පිල සමත්විය. මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති අනෙක් තරගයේදී කැන්රිච් ෆිනෑන්ස් පිල ලකුණු 189 කින් පරාජය කිරීමට එල්.බී.ෆිනෑන්ස් පිල සමත්විය.

එල්.බී.ෆිනෑන්ස් පිලේ සධීර සමරවික්‍රම (118) කැන්රිච් ෆිනෑන්ස් පිලට එරෙහිව ශතකයක් ලබාගත් අතර මෙවර තරගාවලියේදී පිට පිට ලබාගත් දෙවැනි ශතකය වන්නේය.

හේලීස් පිලේ ඇන්ඩි සොලමන්ස් (69) සහ රොන් චන්ද්‍රගුප්ත (නොදැවී 65), ටීජේ ලංකා පිලේ රුවිඳු ගුණසේකර (71) සහ සචිත් පතිරණ (52), ජෝන් කීල්ස් පිලේ භානුක රාජපක්ෂ (60) සහ දිමුත් කරුණාරත්න (84), කොමර්ෂල් ක්‍රෙඩිට් පිලේ චතුරංග ද සිල්වා (92) සහ චාමර කපුගෙදර (නොදැවී 91), සම්පත් බැංකු පිලේ සමීන් කඳණාරච්චි (74), සිලුඒටා පිලේ ශෙහාන් ප්‍රනාන්දු (51) සහ නිමන්ද සුබසිංහ (නොදැවී 57), එල්.බී.ෆිනෑන්ස් පිලේ චරිත් අසලංක (83) අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

එල්.බී.ෆිනෑන්ස් පිලේ රජීව වීරසිංහ කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


හේලීස් පිලට ලකුණු 71 ජයක්
හේලීස් - ඕවර 50 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 316
(ළහිරු තිරිමාන්න නොදැවී 109, ඇන්ඩි සොලමන්ස් 69, රොන් චන්ද්‍රගුප්ත නොදැවී 65, අවිශ්ක ප්‍රනාන්දු 30)
ටීජේ ලංකා - ඕවර 42.4 කදී සියලුදෙනා දැවී ලකුණු 245
(රුවිඳු ගුණසේකර 71, සචිත් පතිරණ 52, මිනෝද් භානුක 34, කිත්රුවන් විතානගේ 21, ලසිත් ඇඹුල්දෙණිය 78/4, ප්‍රභාත් ජයසූරිය 29/2)


කොමර්ෂල් ක්‍රෙඩිට් පිලට කඩුලු 6 ක ජයක්
ජෝන් කීල්ස් - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 271
(ළහිරු මිලන්ත 38, භානුක රාජපක්ෂ 60, දිමුත් කරුණාරත්න 84, රොෂේන් සිල්වා 25, ජෙෆ්රී වැන්ඩසේ නොදැවී 21, මාලින්ද පුෂ්පකුමාර 45/2, ළහිරු ගමගේ 53/2)
කොමර්ෂල් ක්‍රෙඩිට් - ඕවර 44.3 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 272
(චතුරංග ද සිල්වා 92, චාමර කපුගෙදර නොදැවී 91, සඳුන් වීරක්කොඩි 30, අෂාන් ප්‍රියංජන් 29, ඉෂාන් ජයරත්න 48/2)


සිලුඒටා පිලට කඩුලු 4 ක ජයක්
සම්පත් බැංකුව - ඕවර 47.1 කදී සියලුදෙනා දැවී ලකුණු 203
(සමීන් කඳණාරච්චි 74, චරිත බුද්ධික 36, බුද්ධික සංජීව 39/3, දනෝෂ් ද සිල්වා 39/2, සංගීත් කුරේ 41/2)
සිලුඒටා - ඕවර 39 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 206
(ඉරෝෂ් සමරසූරිය 27, ශෙහාන් ප්‍රනාන්දු 51, නිමන්ද සුබසිංහ නොදැවී 57, ජීවන් මෙන්ඩිස් 43/2, සචිත්‍ර පෙරේරා 70/2)


එල්.බී.ෆිනෑන්ස් පිලට ලකුණු 189 ක ජයක්
එල්.බී.ෆිනෑන්ස් - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 342
(සධීර සමරවික්‍රම 118, චරිත් අසලංක 83, මුතුමුදලිගේ පුෂ්පකුමාර 53/2, රොෂාන් ලක්සිරි 60/2, උදිත් මදුශාන් 61/3)
කැන්රිච් ෆිනෑන්ස් - ඕවර 38.4 කදී සියලුදෙනා දැවී ලකුණු 153
(අලංකාර අසංක 45, කවිඳු කුලසේකර 45, සහන් විජේරත්න 32, ඉසුරු උදාන 27/3, රජීව වීරසිංහ 37/5)

 


අදහස් (0)

තිරිමාන්නගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.