Last Update  :  2025-08-15 13:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තරග ජය පරාජයෙන් තොරව අවසන් වෙයි
සජීවි විස්තරය

තරග ජය පරාජයෙන් තොරව අවසන් වෙයි

editorial - 2020 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

-------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව - ඕවර 87 කදී 204/3

දිනය අවසන් වීමට තවත් ඕවර 9 ක් ඉතිරිව තිබියදීම දෙපිළේම නායකයින්ගේ කැමැත්ත මත තරගය අවසන් කිරීමට විනිසුරුවෝ තීරණය කළහ. ඒ අනුව තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගායවලිය 1-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

කුසල් මෙන්ඩිස් ලකුණු 116 ක් ලබාගත් දිනේෂ් චන්දිමාල් ලකුණු 13 ක් රැස් කිරීමට සමත්විය.

තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය සිම්බාබ්වේ කණ්ඩායමේ සිකන්දර් රාසා හිමිකර ගන්නා විට තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස්ට හිමිවිය.

-------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව - ඕවර 75 කදී 184/3

සිය 7 වැනි ටෙස්ට් ශතකය ලබාගැනීමට කුසල් මෙන්ඩිස් සමත්විය. කුසල්ගේ පිත්තෙන් ශතකයක් වාර්තා වූයේ ඉනිම 20 කට පසුව වීම කැපී පෙනේ.

-------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව - ඕවර 67 කදී 156/3

තේ පානය සඳහා තරගය නතර කරනවිට ශ්‍රී ලංකාව කඩුලු 3 ක් දැවී ලකුණු 156 ක් රැස්කර සිටියේය. කුසල් මෙන්ඩිස් ලකුණු 80 ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 3 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

-------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව - ඕවර 61.2 කදී 140/2

සෙමින් ලකුණු රැස්කිරීමක නිරතව සිටි ඇන්ජලෝ මැතිව්ස් පිටියෙන් ඉවත් කිරීමට වික්ටර් නව්චි සමත්විය. ග්‍රෙග් එර්වින් අතට උඩපන්දු දෙමින් මැතිව්ස් දැවීයන විට රැස්කර සිටියේ ලකුණු 13 ක් පමණි.

ඇන්ජලෝ මැතිව්ස් - ඇ.එර්වින් ප.නව්චි 13 (පන්දු 69, මිනිත්තු 89)

-------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව - ඕවර 50 කදී 123/2

කුසල් මෙන්ඩිස් ලකුණු 56 ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 7 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැදී සිටිති. ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට තවත් ලකුණු 238 ක් අවශ්‍යෙවේ.

-------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව - ඕවර 41 කදී 114/2

කුසල් මෙන්ඩිස් සිය 12 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගැනීමට සමත්විය.

-------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව - ඕවර 38.1 කදී 107/2

දිවා ආහාරයෙන් පසුව යවන ලද දෙවැනි ඕවරයේදී ඕෂධ ප්‍රනාන්දු දවාගැනීමට සීකන්දර් රාසා සමත්විය. 

ඕෂධ ප්‍රනාන්දු - ක.මු.කළා ප.සීකන්දර් රාසා 47 (පන්දු 108, මිනිත්තු 146)

-------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව - ඕවර 37 කදී 105/1

දිවා ආහාරය සඳහා තරගය නතර කරනවිට ශ්‍රී ලංකාව කඩුල්ලක් දැවී ලකුණු 105 ක් රැස්කර සිටියේය. කුසල් මෙන්ඩිස් සහ ඕෂධ ප්‍රනාන්දු ලකුණු 46 බැගින් රැස්කරමින් මේ වනවිට දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 79 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ.

-------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව - ඕවර 13.4 කදී 26/1

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 12 ක් රැස්කර සිටි දිමුත් කරුණාරත්න දවා ගැනීමට කාර්ල් මුම්බා සමත්විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 335 ක් අවශ්‍යව ඇත.

දිමුත් කරුණාරත්න - ඇ.චකබ්වා ප.මුම්බා 12 (පන්දු 38, මිනිත්තු 48)

-------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකාව - ඕවර 10 කදී 14/0

අද දිනය පුරාම පන්දුවට පහර දෙමින් තරගය ජයපරාජයෙන් තොරව අවසන් කර ගැනීමට උත්සහ ශ්‍රී ලංකා පිතිකරුවන් ඕවර 10 ක් අවසානයේදී කිසිවකු නොදැවී රැස්කර සිටියේ ලකුණු 10 ක් පමණි.

-------------------------------------------------------------------------------------------------------

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ආරම්භ කිරීමට දිමුත් කරුණාරත්න සහ ඕෂධ ප්‍රනාන්දු පිටියට පිවිසි අතර පන්දු යැවීම සඳහා සිකන්දර් රාසා කැදවා ඇත.


අදහස් (0)

තරග ජය පරාජයෙන් තොරව අවසන් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.