
(රොෂාන් ගුණරත්න)
උපුල් තරගංගේ (නොදැවී 60) අර්ධ ශතකයත්, පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් යුද හමුදාපති ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (1 වැනිදා) පැවැති තරගයකදී සදර්න් වොරියර්ස් පිලට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට වෙස්ටන් වොරියර්ස් පිල සමත්විය.
කාසියේ වාසිය දිනාගත් සදර්න් වොරියර්ස් පිල ඕවර 20 අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 131 ක් රැස්කිරීමට සමත්විය.
ලකුණු 48 කට කඩුලු 5 ක් දැවී තිබියදී හයවැනි කඩුල්ල සඳහා පන්දු 60 කදී ලකුණු 83 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනගමින් සදර්න් වොරියර්ස් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සුමින්ද ලක්ෂාන් සහ ජනිත් ද සිල්වා සමහත්වූහ. සුමින්ද ලක්ෂාන් පන්දු 36 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 44 ක් රැස්කළ අතර ජනිත් ද සිල්වා පන්දු 29 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 38 ක් ලබාගත්තේය. ප්‍රියන්ත රත්නායක ලකුණු 24 ක් ලබාගැනීමට සමත්විය.
ඕවර 3 බැගින් යවනු ලැබූ තිසර පෙරේරා ලකුණු 09 කට කඩුලු 2 ක් ද, රුචිර සිල්වා ලකුණු 12 කට කඩුලු 2 ක් ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 132 ක ඉලක්කයක් හඹාගිය වෙස්ටන් වොරියර්ස් පිල ඕවර 19 කදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.
ආරම්භක පිතිකරු උපුල් තරංග පන්දු 53 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 60 ක් රැස්කරමින් වෙස්ටන් වොරියර්ස් පිල ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය. අනෙක් ආරම්භක පිතිකරුවා වූ ඩිල්ෂාන් මුණවීර පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 30 ක් රැස්කරමින් වෙස්ටන් වොරියර්ස් පිලේ ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම දැමීය.
සදර්න් වොරියර්ස් - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 131
(ප්‍රියන්ත රත්නායක 24, සුමින්ද ලක්ෂාන් නොදැවී 44, ජනිත් ද සිල්වා නොදැවී 38, තිසර පෙරේරා 09/2, රුචිර සිල්වා 12/2)
වෙස්ටන් වොරියර්ස් - ඕවර 19 කදී කඩුලු 4 ක් දැවී 132
(ඩිල්ෂාන් මුණවීර 30, උපුල් තරංග නොදැවී 60)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.