Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අයි. පී. එල්. තරගාවලියේ හිටපු ශූරයන් වන ඩෙකෑන් චාජර්ස් කණ්ඩායම වෙත ඩොලර් මිලියන 640 කට වැඩි වන්දි මුදලක් ගෙවන ලෙස අධිකරණය විසින් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයට නියෝග කරනු ලැබ තිබේ. ඩෙකෑන් ක්‍රොනිකල් පුවත්පත් සමූහයට අයත් ඩෙකෑන් චාජර්ස් කණ්ඩායම 2012 දී අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත් කරනු ලැබුවේ මූල්‍ය අක්‍රමිකතා ඇතැයි කියමිනි.
කෙසේ වෙතත් කාරණා සමථයකට පත් කිරීමට නියමිත දිනට දිනයකට පෙර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඩෙකෑන් චාජර්ස් පිල තරගාවලියෙන් ඉවත් කරනු ලැබිණ.
බොම්බායේ මහාධිකරණය ඊයේ (17 වැනිදා) සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ තීන්දුව නීති විරෝධී සහ නියමිත දිනයට කලින් ගන්නා ලද තීන්දුවක් ලෙසින් නිවේදනය කරමින් බව ඩෙකන් ක්‍රොනිකල් හි නීති උපදේශකවරයකු ප්‍රංශ පුවත් සේවයට පවසා තිබේ.
"ඉන්දීය රුපියල් බිලියන 48 ක් (ඩොලර් මිලියන 640 ක්) සහ බදු වශයෙන් තවත් බිලියන 80 ක් පමණ ගෙවන ලෙස ඔවුන්ට නියම කර තිබේ" යනුවෙන් නීති නීති උපදේශකවරයකු නිර්නාමිකභාවයේ කොන්දේසියක් මත පැවසීය.
අයිපීඑල් යනු ලොව ජනප්‍රියම විස්සයි විස්ස ලීග් තරඟාවලියයි. මෙම තරගාවලිය 2008 දී ආරම්භ වූ දා සිට මතභේදයට ලක්ව ඇති තරගාවලියකි. ක්‍රිකට් දූෂණ හා තරග පාවාදීම් එහි ඇතැයි බොහෝ විට කියැවේ.
මුදලට ක්‍රීඩා කිරීම සම්බන්ධ වංචාවක් හේතුවෙන් චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් යන කණ්ඩායම් දෙකම වසර 2013 දී තරගාවලි දෙකකට අත්හිටුවා වනු ලැබිණ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.