Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඩිවිලියර්ස් බිග් බෑෂ් ගහන්න බෑ කියයි

ඩිවිලියර්ස් බිග් බෑෂ් ගහන්න බෑ කියයි

editorial - 2020 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් ලීගයේ 10 වැනි (බීබීඑල්) තරගාවලිය සඳහා ක්‍රීඩා නොකිරීමට හිටපු දකුණු අප්‍රිකානු පිතිකරු ඒ.බී ඩිවිලියර්ස් තීරණය කර ඇත. ඔහු බ්‍රිස්බේන් හීට් පිල වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ගිවිසුම් අත්සන් කර සිටි නමුත් ඔහුගේ බිරිඳ ඔවුන්ගේ තුන්වැනි දරුවා අපේක්ෂා කරන බැවින් බී.බී,එල්. තරගාවලියෙන් ඉවත්වන බව දන්වා තිබේ.

කොරෝනා වයිරස් තත්ත්වය හේතුවෙන් ගමන් බිමන් යෑම සහ අවට ඇති අවිනිශ්චිතතාවයන් නිසා ඔහු විස්සයි20 තරගාවලියෙන් ඉවත් වීමට තවත් හේතුවක් වූ බව නිවේදනයක් නිකුත් කරමින් ඩිවිලියර්ස් වැඩිදුරටත් කියා සිටියේය.

“අපි අපේ අලුත් බබා ඉතා ඉක්මණින් බලාපොරොත්තු වෙනවා. තරුණ, වැඩෙන පවුලක් සහ කොරෝනා වයිරස් තත්වය නිසා ගමන් බිමන් යෑම සහ අප අවට තිබෙන අවිනිශ්චිතතාවයන් නිසා අකමැත්තෙන් වුවත් මෙම තරගාවලියට සහභාගී නොවීමට තීරණය කළා” යැයි ඩිවිලියර්ස් පැවසීය.

“පසුගිය තරගාවලියේදී බ්‍රිස්බේන් හීට් පිල අපට විශිෂ්ට ආකාරයෙන් සැලකූ අතර අනාගතයේ දී මම නැවත ඔවුන් සමගින් එකතු වීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. අප බලාපොරොත්තු වූ ආකාරයේ ප්‍රතිඵල කණ්ඩායමට නොලැබුණු අතර සම්පූර්ණ නොකල ගනුදෙනුවක් ඇතැයි මම සිතනවා” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ වන විට 36 හැවිරිදි ඩිවිලියර්ස් පසුගිය බී.බී.එල් තරගාවලියේදීද බ්‍රිස්බේන් හීට් සමගින් ගිවිසුම් අත්සන් කර තිබූ අතර ලකුණු 146 ක් රැස්කළ ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 24.60 ක් විය.

මේ අතර, බ්‍රිස්බේන් හීට් කණ්ඩායම වෙනුවෙන් ඇෆ්ගනිස්ථානයේ දඟ පන්දු යවන ක්‍රීඩක මුජිබ් උර් රහ්මාන් නැවත ගිවිසුම් අත්සන් තබා තිබේ.

“මුජිබ් අප සමඟ නැවත එක්වීම ගැන අපි සතුටු වෙනවා. බී.බී.එල් තරගාවලි කාලසටහන සුපුරුදු ආකාරයට වඩා බෙහෙවින් වෙනස් විය හැකි බැවින් ඔහුගේ පන්දු යැවීමේ විවිධත්වය යටතේ අවස්ථා නිර්මාණය කිරීමට ඇති හැකියාව අපට ඉතා වැදගත් වෙනවා” යනුවෙන් බ්‍රිස්බේන් හීට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඩැරන් ලීමන් මහතා පැවසීය.

සිය තෙවැනි තරගාවලියට එක්වීමට නියමිත මුජීබ්ට පසුගිය තරගාවලියේදී දවා ගැනීමට හැකිවූයේ කඩුලු 3 ක් පමණි.
 
- 2079
 

 


අදහස් (0)

ඩිවිලියර්ස් බිග් බෑෂ් ගහන්න බෑ කියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.