Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඒ.බී. ඩිවිලියර්ස්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය හේතුවෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව සඳුදා (12 වැනිදා) පැවැති අයි.පී.එල්. තරගයෙන් ලකුණු 82 ක පහසු ජයක් වාර්තා කිරීමට බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමගින් ප්‍රසාද ලකුණු 10 ක් ලබා මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් සමග සම තත්වයට පැමිණීමට බැංගලෝර් කණ්ඩායම සමත් වුවද, දල ලකුණු වේගය අනුව ඔවුන්ට හිමිවුයේ ලකුණු සටහනේ තෙවැනි ස්ථානයයි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ ඩිවිලියර්ස් පන්දු 33 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 73 ක් රැස්‍කළේය. එහිදී ඔහුගේ ලකුණු රැස්කිරීමේ ප්‍රවේගය (පන්දු 100 කින් ලබාගන්නා ලකුණු සංඛ්‍යාව) 221.21 ක් ලෙස සටහන් විය.
ඒරන් ෆින්ච් (47) සහ දෙව්දූත් පඩික්කාල් (32) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී ලකුණු 67 ක සම්බන්ධතාවක් ගොඩනගමින් බැංගලෝර් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 37 කට මුහුණදුන් ෆින්ච්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 23 කදී වාර්තා වූ පඩික්කාල්ගේ ඉනිමද හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය.
ප්‍රසිද් ක්‍රිෂ්ණාගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ෆින්ච්ද, ඔන්ඩ්‍රි රසල්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් පඩික්කාල්ද දැවී ගියහ. ඉන් අනතුරුව නායක විරාට් කෝලි (නෙදැවී 33) සමග එක්වූ ඩිවිලියර්ස් තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී ලකුණු 100 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් බැංගලෝර් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.
ජයග්‍රහණය සඳහා ලකුණු 195 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායමට වොෂින්ටන් සුන්දර් සහ ක්‍රිස් මොරිස් ප්‍රමුඛ බැංගලෝර් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 9 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 112 ක් පමණි. එහිදී සුන්දර් ලකුණු 20 කට කඩුලු 2 ක්ද, මොරිස් ලකුණු 17 කට කඩුලු 2 ක්ද බිඳහෙළූහ.
පිතිකරුවන් 6 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් ආපසු ක්‍රීඩාගාරය බලා යද්දී කොල්කටා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් පන්දු 25 කදී ලකුණු 34 ක් රැස්‍කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි. ඉසුරු උදානගේ පන්දුවක් හමුවේ මොහොමඩ් සිරාජ් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ඔන්ඩ්‍රි රසල් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 16 ක් ලබා සිටියේය.
බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් - ඕවර 20 කදී කඩුලු 2 කට 194
(ඒරන් ෆින්ච් 47, දෙව්දූත් පඩික්කාල් 32, විරාට් කෝලි නොදැවී 33, ඒ.බි. ඩිවිලියර්ස් නොදැවී 73)
කොල්කටා නයිට්රයිඩර්ස් - ඕවර 20 කදී කඩුලු 9 කට 112
(ශුබ්මන් ගිල් 34, ඔන්ඩ්‍රි රසල් 16, රාහුල් ත්‍රිපති 16, ක්‍රිස් මොරිස් 17/2, වොෂින්ටන් සුන්දර් 20/2)
-036
(ඡායාරූප - අයි.පී.එල්. නිල වෙබ්අඩවිය අනුග්‍රහයෙනි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.