Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඩිල්ෂාන්ගේ තුන් ඉරියව් දස්කම් ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

ඩිල්ෂාන්ගේ තුන් ඉරියව් දස්කම් ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

editorial - 2021 මාර් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තිලකරත්න ඩිල්ෂාන්ගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් “රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරීස්”තරගාවලියේ ඊයේ (14 වැනිදා) පැවැති තරගයකදී එංගලන්ත ලෙජන්ඩ්ස් පිලට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල සමත්විය. මෙම ජයග්‍රහණයත් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට හැකිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 79 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල ඕවර 7.3 කදී කඩුලු 4 ක් දැවී ඉලක්කය පහසුවෙන් පසුකර යෑමට සමත්විය. ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවූ තිලකරත්න ඩිල්ෂාන් පන්දු 26 කදී හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමගින් නොදැවී ලකුණු 61 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.

සිය ඕවර 4 ලකුණු 26 කට සීමාකරමින් කඩුලු 4 ක් දවාගත් මොන්ටි පැනෙසා පන්දුවෙන් දස්කම් දැක්විමට සමත්විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල පළමුව පන්දුවට පහරදීම සඳහා එංගලන්ත ලෙජන්ඩ්ස් පිලට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 78 ක් පමණි.

ක්‍රිස් ටේ‍රම්ලට් ලකුණු 22 ක් සහ ජිම් ට්‍රොටන් ලකුණු 18 ක් ලබාගත් නමුත් සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාව පසුකිරිමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පන්දු යවන්නෝ අවස්ථාවක් නොදුන්හ.

විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ තිලකරත්න ඩිල්ෂාන් සිය ඕවර 4 ලකුණු 6 කට සීමාකරමින් එක් නිලකුණු ඕවරයක් සමගින් කඩුලු 4 ක් බිඳ හෙළමින් එංගලන්ත ලෙජන්ඩ්ස් පිල අසරණ කිරීමට සමත්විය. රංගන හේරත් ඕවර 4 කදී එක් නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 17 කට කඩුලු 2 ක් දවාගත්තේය.


එංගලන්ත ලෙජන්ඩ්ස් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 78
(ක්‍රිස් ටේ‍රම්ලට් 22, තිලකරත්න ඩිල්ෂාන් 06/4, රංගන හේරත් 17/2)

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් - ඕවර 7.3 කදී කඩුලු 4 ක් දැවී 81
(තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 61, මොන්ටි පැනෙසා 26/4)


අදහස් (0)

ඩිල්ෂාන්ගේ තුන් ඉරියව් දස්කම් ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.