Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලානය එංගලන්තයට දිනා දීමට මහ මෙහෙවරක් කළ ජොෆ්රා ආචර් බටහිර ඉන්දීය දූපත් සමූහයට අයත් බාර්බඩෝස්හි උපත ලැබූවෙකි. ඔහු බටහිර ඉන්දිය කොදෙව් 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළද ජූලි 8 වැනිදා ආරම්භ වන කොදෙව් - එංගලන්ත ටෙස්ට් තරගාවලියේදී නියෝජනය කරන්නේ එංගලන්ත කණ්ඩායමයි. එබැවින් ටෙස්ට් තරගාවලියේදී ජොෆ්රා ආචර් මිතුරුකම් බලාපොරොත්තු නොවිය යුතු බව කොදෙව් පිලේ වේග පන්දු යවන්නකු වන කෙමර් රෝච් කියයි.
ජොෆ්රා ආචර් කෙදෙව් යොවුන් පිල නියෝජනය කළද පසුව සිය පියාගේ මබ්බිම වන එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීම තෝරා ගත්තේය. ආචර් මේ වන විට එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 7 කට සහ එක්දින ජාත්‍යන්තර තරග 14 කට ක්‍රීඩා කර තිබේ. පසුගිය වසරේදී පැවැති ලෝක කුසලාන තරගාවලියේදී කඩුලු 20 ක් දවාගත් ජොෆ්රා ආචර් තීරණාත්මක සුපිරි ඕවරය යැවූ පන්දු යවන්නාවද විය.
“ජොෆ්රා එයා ගැන තීරණයක් අරන් තියෙනවා. ඔහු ඉතාමත් හොඳ වෘත්තීය ජීවිතයක් ගෙනියනවා. ඒත් තරගාවලිය පටන් ගත්තාම මිත්‍රකම් නම් තියෙන්න බෑ”
“ඒ අපි අපේ ක්‍රිකට් ක්‍රීඩාව කරන ආකාරයයි. අපි ජොෆ්රාට එරෙහිව එන්නේ හොඳ සැලැස්මක් ඇතිවයි. ඒ සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ අභියෝගයට මුහුණ දෙන්න මම බලාපොරොත්තු වෙනවා” යයි කෙමර් රෝච් ‘සූම් තාක්ෂණය’ ඔස්සේ වාර්තාකරුවන් හමුවේ පැවසීය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.