Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කයිල් ජැමීසන්ගේ කඩුලු 5 හේතුවෙන් ක්‍රයිස්ට්චර්ච් නුවරදී අද (3 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී පාකිස්තානු පිල ලකුණු 197 කට සීමා කිරීමට නවසිීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. පාකිස්තානය වෙනුවෙන් අසාර් අලී ලකුණු 93 ක් ලබාගත් නමුත් සංචාරක කණ්ඩායමේ සාර්ථකත්වයට පත් එකම පිතිකරුවා ඔහු විය. තවමත් ටෙස්ට් තරග 6 කට පමණක් සහභාගි වී සිටින ජැමීසන් ඉනිමකදී කඩුලු 5 ක් දවාගත්තේ තුන්වැනි වතවටය.
තණකොළ වැඩියෙන් තිබූ ක්‍රයිස්ටර්ච් තණතීරුවේදී කාසියේ වාසිය දිනාගත් සත්කාරකයෝ පළමුව පන්දු යැවීම තෝරා ගත්හ. තණතීරුවේ ඉපිළීම මෙන්ම දෝලනයද මැනවින් ප්‍රයෝජනයට ගත් අඩි 6යි අඟල් 8ක් උස ජැමීසන් එක අන්තයකින් පිතිකරුවන් ආපසු හරවා යවද්දී අනෙක් අන්තයෙන් අසාර් අලී තමන්ගේ කඩුල්ල රැකගෙන සිටියේය. පිතිකරුවන් සමගින් හොඳ සම්බන්ධතා පවත්වාගත් අසාර් අලී පවසන්නේ හැග්ලි ඕවල් තණතීරුවේදී ලකුණු 297 ප්‍රමාණවත් විය හැකි බවයි.
අබීඞ් අලී සමග ලකුණු 62 ක සම්බන්ධතාවක් පැවැත්වූ අසාර් අලී, ඉන් අනතුරුව මොහොමඞ් රිස්වාන් සමගින් එක්ව ලකුණු 88 ක සම්බන්ධතාවක්ද, ෆහීම් අශ්රෆ් සමගින් එක්ව තවත් ලකුණු 56ක සම්බන්ධතාවක්ද ගොඩනැංවීය. පන්දු 172 කට මුහුණ දුන් අසාර් අලී දැවීයාමට පෙර හතරේ පහර 12 කින් සිය ඉනිම අලංකාර කළේය.
නවසීලන්ත ඉනිම සඳුදා උදෑසන ආරම්භ වේ.
පාකිස්තානය - පළමු ඉනිම 297 යි
(අබීඞ් අලී 25, අසාර් අලී 93, මොහොමඞ් රිස්වාන් 61, ෆහීම් අශ්රෆ් 48, සෆාර් ගෝහාර් 34, ටිම් සවුති 61/2, ටේරන්ට් බෝල්ට් 82/2, කයිල් ජැමීසන් 69/5)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.