අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ලුම්බිණි විදුහල සහ මහරගම ජනාධිපති විදුහල අතර මුල්ලේරියාව එදිරිවීර සරත්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ජනාධිපති විදුහල සමත් විය.
එහිදී ජනාධිපති විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනිමට රුචිත් හංසන (61) සමත් වූ අතර එම විදුහලේම විහඟ සදංජන ලකුණු 36 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ලුමිබිණි විදුහල් පළමු ඉනිම - ඕවර 36.4 කදී සියලු දෙනා දැවී 123
(දිනෙත් සතිම්ක 30, පවන් පින්සර 27, සිතුම් ආකාෂ් 21, විහඟ සදංජන 36/5, පසිඳු ජනිත් 20/2)
ජනාධිපති විදුහල් පළමු ඉනිම - ඕවර 40 කදී කඩුලු 5 ක් දැවී 210
(රුචිත් හංසන 61, ෂෙහාන් දිල්ෂාන් 37, විහඟ සදංජන නොදැවී 26, උදම් පෙරේරා 26, දිනෙත් ශෂ්මික 64/3)
ලුමිබිණි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 12 කදී කඩුලු 4 ක් දැවී 93
(දිනෙත් ශෂ්මික 43, තිරේෂ ගෞරව 02/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.