Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජදේජා හයේ පහර දෙකකින් චෙන්නායි පිල දිනවයි

ජදේජා හයේ පහර දෙකකින් චෙන්නායි පිල දිනවයි

editorial - 2020 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 

 
කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව බ්‍රහස්පතින්දා (29 වැනිදා) ඩුබායිහිදී පැවැති අයි.පී.එල්‍‍. තරගයෙන් කඩුලු 6 ක ජයක් ලබමින් මෙවර තරගාවලියේ පස්වැනි ජයග්‍රහණය වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය. කෙසේ වුවත් චෙන්නායි කණ්ඩායම මේ වන විට තරගාවලි‍යෙන් ඉවතට විසිවී සිටියි‍.

ජයග්‍රහණය සඳහා ලකුණු 173 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි ක්‍රීඩකයෝ කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. තරගය ජයගැනීම සඳහා චෙන්නායි කණ්ඩායම අවසන් පන්දු දෙකේදී ලකුණු 7 ක් රැස්කිරීමට සිදුවූ අතර එම පන්දු දෙකට පිට පිට හයේ පහර දෙකකින් සංග්‍රහ කළ රවින්ද්‍ර ජදේජා සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.‍

චෙන්නායි කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූ රුතුරාජ් ගයික්වාඩ් පන්දු 53 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 72 ක් රැස්කළේය. ෂේන් වොට්සන් (14) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 50 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ගයික්වාඩ්, ඉන් නොනැවතී අම්බටි රයියදු (38) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 37 කදී ලකුණු 68 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය.

පන්දු 20 කට මුහුණදුන් රයියදුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 19 කදී වාර්තා වූ වොට්සන්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහරක් අන්තර්ගත විය. රවින්ද්‍ර ජදේජා පන්දු 11 කදී නොදැවී ලකුණු 31 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු නිතිෂ් රානා පන්දු 61 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 10 ක් සමග රැස්කළ ලකුණු සංඛ්‍යාව 87 කි. ශුබ්මන් ගිල් (26) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 44 කදී ලකුණු 53 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රානා සමත් විය.

කොල්කටා නයිට්රයිඩර්ස් - ඕවර 20 කදී කඩුලු 5 කට 172
(ශුබ්මන් ගිල් 26, නිතිෂ් රානා 87, ඔයින් මෝගන් 15, දිනේෂ් කාර්තික් නොදැවී 21, ලුංගි න්ගිඩි 34/2)

චෙන්නායි සුපර් කිංග්ස් - ඕවර 20 කදී කඩුලු 4 කට 178
(ෂේන් වොට්සන් 14, රුතුරාජ් ගයික්වාඩ් 72, අම්බටි රයියදු 38, සෑම් කරන් නොදැවී 13, රවින්ද්‍ර ජදේජා නොදැවී 31, වරුන් චක්‍රවර්ති 20/2, පැට් කමින්ස් 31/2)
 
 
-036

 


අදහස් (0)

ජදේජා හයේ පහර දෙකකින් චෙන්නායි පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.