Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සමගාමීව තෙවැනි වරටත් පැවැත්වෙන කාන්තා විස්සයි20 අභියෝගයට සහභාගීවන සංචිත සහ නායිකාවන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නම්කර තිබේ. ශ්‍රී ලංකාවෙන් මෙම තරගාවලියට සහභාගිවන චමරි අතපත්තු සහ ශෂිකලා සිරිවර්ධන සුපර්නෝවා කණ්ඩායම සඳහා තෝරාගෙන තිබේ.
සුපර්නෝවා කණ්ඩායමේ නායිකාව ලෙසින් ඉන්දීය කාන්තා විස්සයි20 කණ්ඩායමේ හර්මන්ප්‍රීට් කෞර් තෝරාගනු ලැබ ඇති අතර ටේ්‍රල්බ්ලේසර්ස් කණ්ඩායමේ නායකත්වය ඉන්දීය කාන්තා විස්සයි20 කණ්ඩායමේ උපනායිකා ස්මිත්‍රි මන්ධනාට හිමිවූවාය. වෙලෝසිටි කණ්ඩායමේ නායකත්වය ඉන්දීය කාන්තා එක්දින කණ්ඩායමේ නායිකා මිතිලා රාජ්ට හිමි වී තිබේ.
කාන්තා විස්සයි20 අභියෝගය නොවැම්බර් මස 4 වැනිදා සිට 9 වැනිදා දක්වා එක්සත් අරාබී එමීර් රාජ්‍යයේදි පැවැත්වෙන අතර මූලික වටයේ තරග 3 ක් පැවැත්වේ. සෑම කණ්ඩායමක්ම අනෙක් කණ්ඩායම් දෙක සමගින් ක්‍රීඩා කළ යුතු අතර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම දෙක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගනු ඇත.
ඉන්දිය ක්‍රීඩිකාවන්ට අමතරව එංගලන්තය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය, තායිලන්තය සහ නවසීලන්තය නියෝජයනය කරමින් ක්‍රීඩිකාවෝ මෙම තරගාවලිය නියෝජනය කරති. කාන්තා බිග් බෑෂ් ලීග් තරගාවලිය මෙම කාල සීමාවේදී පැවැත්වෙන බැවින් ඕස්ටේ්‍රලියානු ක්‍රීඩිකාවෝ මෙම තරගාවලියට සහභාගි නොවෙති.
චමරි අතපත්තු සහ ශෂිකලා සිරිවර්ධන (ශ්‍රී ලංකාව), ශකේරා සෙල්මාන් සහ ඩීන්ඩ්‍රා ඩොටින් (බටහිර ඉන්දීය කොදෙව්), අයබොන්ගෝ ඛකා සහ සුනේ ලූස් (දකුණු අප්‍රිකාව), සල්මා ඛාටූන් සහ ජහනාරා අලාම් (බංග්ලාදේශය), සොෆී එක්ක්ලෙස්ටොන් සහ ඩැන්නි වයිට් (එංගලන්තය), නටකන් චන්ටම් (තායිලන්තය), ලෙයිෆ් කැස්පෙරෙක් (නවසීලන්තය) මෙවර තරගාවලියට සහභාගීවන විදෙස් ක්‍රීඩිකාවෝ වෙති.
තායිලන්තය නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගිවන පළමු ක්‍රීඩිකාව වන නතකන් චන්තම් කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියකදී සිය රට වෙනුවෙන් පළමු අර්ධ ශතකය වාර්තා කළ ක්‍රීඩිකාවද වන්නීය.
මේ වසරේ සැප්තැම්බර් 26 වන දින පිහිටුවන ලද සමස්ත ඉන්දීය කාන්තා තේරීම් කමිටුව විසින් මෙම සංචිත තුන නම් කර ඇත. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තේරීම් කමිටු ප්‍රධානි ලෙස හිටපු ඉන්දීය කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකා නීතු ඬේවිඞ් මහත්මිය පත් කර ඇත.
විස්සයි20 අභියෝගයට සහභාගි වන කණ්ඩායම්
සුපර්නෝවා -
හර්මන්ප්‍රීට් කෞර් (නායිකාව), ජෙමීමාහ් රොඞ්්‍රගූස් (උපනායිකාව), චමරි අතපත්තු, ප්‍රියා පුනියා, අනුජා පටිල්, රාධා යාදව්, ටානියා භාටියා, ශෂිකලා සිරිවර්ධන, පූනම් යාදව්, ශකෙරා සෙල්මාන්, අරුන්දති රෙඞ්ඩි, පූජා වස්ත්‍රකාර්, අයුෂි සෝනී, අයබොන්ගා ඛාකා, මුස්කන් මලික්.
ටේ්‍රල්බ්ලේසර්ස් -
ස්මි්‍රටී මන්ධනා (නායිකාව), දීප්ති ශර්මා (උපනායිකාව), පූනම් රාවුට්, රිචා ඝෝෂ්, ඩී.හේමමාලා, නස්හාට් පර්වින්, රජේස්වරී ගයක්වාඞ්, හාර්ලීන් ඩියෝල්, ජුලාන් ගෝස්වාමී, සිම්රන් දිල් බහදූර්, සල්මා ඛාටූන්, සොෆී එක්ක්ලෙස්ටොන්, නට්තකන් චන්තම්, ඩීන්ඩ්‍රා ඩොටින්, කේෂ්වී ගෞතම්.
වෙලෝසිටි -
මිතාලී රාජ් (නායිකාව), වේදා ක්‍රිෂ්ණමුර්ති (උපනායිකාව), ශෆාලී වෙර්මා, සුෂ්මා වෙර්මා, එක්ටා බිෂ්ට්, මන්සි ජෝෂී, ශිඛා පාණ්ඬේ, දේවිකා වෛද්‍යා, සුශ්‍රී දිබ්යාදර්ශිණි, මනාලී දක්ෂිණි, ලෙයිෆ් කැස්පෙරෙක්, ඩැන්නි වයිට්ලූ සුනේ ලූස්, ජහනාරා අලාම්, එම්.අනඝා
තරග කාල සටහන
නොවැම්බර් 04 - පළමු තරගය - සුපර්නෝවා සහ වෙලෝසිටි (ප.ව 7.30 - ශ්‍රී ලංකා වේලාවෙන්)
නොවැම්බර් 05 - දෙවැනි තරගය - වෙලෝසිටි සහ ටේ්‍රල්බ්ලේසර් (ප.ව 3.30 - ශ්‍රී ලංකා වේලාවෙන්)
නොවැම්බර් 07 - තෙවැනි තරගය - ටේ්‍රල්බ්ලේසර් සහ සුපර්නෝවා (ප.ව 7.30 - ශ්‍රී ලංකා වේලාවෙන්)
නොවැම්බර් 09 - සිවුවැනි තරගය - අවසන් මහ තරගය (ප.ව 7.30 - ශ්‍රී ලංකා වේලාවෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.