අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගයේ දඹුල්ල කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර සී.සී.සී. ක්‍රීඩාගණයේදී පැවැති තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 11 කින් ජයගැනීමට ගාල්ල කණ්ඩායම අද (5 වැනිදා) සමත්විය.
ජයග්‍රහණය සදහා ලකුණු 258 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල කණ්ඩායම ඕවර 46 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 250 ක් රැස්කර සිටියදී අයහපත් ආලෝත තත්වය හේතුවෙන් තරගය නතර කිරීමට විනිසුරුවෝ තීරණ කළහ.
ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තරගය නතර කරනවිට ජයග්‍රහණය සදහා ගාල්ල කණ්ඩායමට රැස්කිරීමට සිදුව තිබූයේ ලකුණු 240 ක් පමණි. ඒ වනවිටත් ගාල්ල කණ්ඩායම එම ඉලක්කය පසුකර ලකුණු 11 ක් ඉදිරියෙන් සිටියේය.
උපුල් තරංග අර්ධ ශතකයක් ලබාගනිමින් ගාල්ල කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය. පන්දු 79 කදී ලකුණු 86 ක් රැස්කළ තරංගගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 11 ක් ඇතුළත් විය.
ලකුණු 59 කට කඩුලු 2 ක් දැවී තිබියදී තෙවැනි කඩුල්ල සදහා එක්වූ උපුල් තරංග සහ රොෂේන් සිල්වා පන්දු 89 කදී ලකුණු 84 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ.
අසිත ප්‍රනාන්දු කඩුලු 3 ක් සහ අමිල අපෝන්සු කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
කාසියේ වාසිය දිනාගත් ගාල්ල කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සදහා දඹුල්ල කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 257 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.
ශතකයක් ලබාගනිමින් විශිෂ්ට පිතිහරඹයක නිරතවූ අශාන් ප්‍රියංජන් පන්දු 120 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 101 ක් රැස්කිරීමට සමත්විය.
ලකුණු 52 කට කඩුලු 4 ක් බිඳ වැටී තිබියදී පස්වැනි කඩුල්ල සදහා පන්දු 85 කදී ලකුණු 92 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට අශාන් ප්‍රියංජන් සහ මිලින්ද සිරිවර්ධන සමත්වූහ.
දසුන් ශානක කඩුලු 3 ක් ද සුරංග ලක්මාල් සහ නිසල තාරක කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
දඹුල්ල කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 257
(අශාන් ප්‍රියංජන් 101, මිලින්ද සිරිවර්ධන 45, කෝසල කුලසේකර 30, දසුන් ශානක 42/3, සුරංග ලක්මාල් 38/2, නිසල තාරක 47/2)
ගාල්ල කණ්ඩායම - ඕවර 46 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 250
(රමිත රඹුක්වැල්ල 29, උපුල් තරංග 86, රොෂේන් සිල්වා 24, දසුන් ශානක 26, සම්මු අශාන් 26, අසිත ප්‍රනාන්දු 63/3, අමිල අපෝන්සු 34/2)
ඡායාරූප - ළහිරු හර්ෂණ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.