අම්පාර ගාමිණී මහ විදුහල සහ උහන මහ විදුහල අතර ප්‍රථම වරට පැවැති ‘ගල්ඔය සටන‘ වාර්ෂික මහ ක්‍රිකටි තරගයෙන් විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට උහන මහ විදුහල ඊයේ (12) සමත් විය.
අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් උහන මහ විද්‍යාලය සියලු දෙනා දැවී ලකුණු 211ක් රැස්කළේය.
ඊට පිළිතුරු වශයෙන් අම්පාර ගාමිණී විද්‍යාලයට සියළු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 93 ක් පමණි.
අනතුරුව උහන මහ විද්‍යාලයේ ආරාධනයෙන් නැවතත් පිටියට පිවිසි ගාමිණී විද්‍යාලය පිතිකරණයේදී දැක්වූයේ දැඩි දුර්වලතාවයකි. ඉනිමක පරාජයෙන් බේරීමට ගත් උත්සාහයද අසාර්ථක වූ ගාමිණී විද්‍යාලයට දෙවෙනි ඉනීමේදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 78ක් පමණි.
ඒ අනුව ‘ගල්ඔය සටන‘ මංගල තරගයේදී ඉනිමක සහ ලකුණු 40 ක ජයක් වාර්තා කරමින් උහන මහා විද්‍යාලය වාර්තා පොතට එක් විය.
තරගයේ වීරයා ලෙස උහන මහ විද්‍යාලයේ දිනේෂ් මධුසංඛ සම්මාන දිනාගත් අතර, එම විදුහලේ ඉෂාන් ඉරේෂ් කුමාර හොඳම පන්දු යවන්නා ලෙසත්, ලක්ෂිත දිසානායක හොඳම පන්දු රකින්නා ලෙසත් සම්මාන දිනාගත්හ. හොඳම පිතිකරු සම්මානය හිමිවූයේ ගාමිණී මහ විද්‍යාලයේ තෙපුල් මියුරංගය.
උහන මහ විද්‍යාලය පළමු ඉනිම සියලු දෙනා දැවී 211
ගාමිණී විද්‍යාලය පළමු ඉනිම සියළු දෙනා දැවී 93
ගාමිණී විද්‍යාලය දෙවෙනි ඉනිම සියලු දෙනා දැවී 78
|
ජයග්‍රාහී උහන විදුහල් කණ්ඩායම |
|
තරගයේ වීරයා - උහන මහ විද්‍යාලයේ දිනේෂ් මධුසංඛ |
|
හොඳම පන්දු යවන්නා - උහන මහ විද්‍යාලයේ ඉෂාන් ඉරේෂ් කුමාර |
|
හොඳම පන්දු රකින්නා - උහන මහ විද්‍යාලයේ ලක්ෂිත දිසානායක |
|
හොඳම පිතිකරු - ගාමිණී මහ විද්‍යාලයේ තෙපුල් මියුරංග |
|
ජයග්‍රාහී උහන විදුහල් කන්ඩායමේ නායක සංගීත් ඩිල්ෂාන් සම්මාන ලබාගනිමින් |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.