Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි මහතාගේ (ඉන්දීය ජාතික කණ්ඩායමේ හිටපු නායක) වැඩිමහල් සොහොයුරා මෙන්ම බෙංගාල ක්‍රිකට් සංගමයේ සම ලේකම් ස්නෙහාසිෂ් ගංගුලි මහතාට කොරෝනා වයිරසය වැළඳී ඇති බව තහවුරු වී තිබේ. ඒ හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි මහතාටද ඊයේ (15 වැනිදා) ස්වයං නිරෝධානය වීම සඳහා සිය නිවස බලා යෑමට සිදුවිය.
බෙංගාල ක්‍රිකට් සමාජයේ හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ස්නෙහාසිෂ් මහතාට කොරෝනා වයිරසය වැළඳී ඇති බව දැන ගැනීමෙන් පසුව කොල්කටාහි බෙලේ වූ රෝහලට ඇතුළත් කර තිබේ.
“පසුගිය දින කිහිපයේදී ඔහු උණ රෝගයෙන් පෙළුණා. අද ඔහුගේ පරීක්ෂණ වාර්තාවල ආවට පසුසේ ඔහුට කොරෝනා වයිරසය වැළඳී ඇති බව දැනගත්තා. ඉන් පසුව ඔහුව කොල්කටා බෙලේ වූ රෝහලට ඇතුළත් කළා” යැයි බෙංගාල ක්‍රිකට් සංගමයේ නිළධාරියෙක් පැවසීය.
“වාර්තා පැමිණියේ හවස් වරුවේ. සෞඛ්‍ය නිතීන් වලට අනුව, නියමිත කාල සීමාවක් සඳහා නිවසේ සිට නිරෝධායනයෙහි යෙදීමට සෞරව්ට පවා සිදුවෙනවා” යැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාට සමීප ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.
බිරිඳ සහ නැන්දම්මා සමගින් ඔහුගේ මොමින්පූර් නිවසේ සිටි ස්නෙහාසිෂ් මහතා කොරෝනා වයිරසය වැළඳී ඇති බව දැන ගැනීමෙන් පසුව බෙහාරා හි පිහිටි ඔවුන්ගේ පාරම්පරික නිවස වෙත පැමිණ ඇත.
කෙසේ වෙතත්, හිටපු ඉන්දීය නායකයාට ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳ අදහස් දැක්වීමට නොහැකි විය.
මෑතකදී ඉන්දියා ටුඩේ පුවත්පත සමඟින් සම්මුඛ සාකච්ඡාවකට එක්වූ සෞරව් ගංගුලි මහතා තමා අවට ජීවිතය වෙනස් වී ඇති ආකාරය ගැන කතා කර ඇති අතර මිනිසුන් වඩාත් අවදානමට ලක්වී ඇති බව පැවසීය.
“මගේ සහෝදරයා හැමදාම අපේ කර්මාන්ත ශාලාවලට යනවා. ඔහු හුඟක් අවදානමට ලක්වෙනවා” යැයි එම සම්මුඛ සාකච්ඡාවේදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයා පැවසීය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.