Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අප්‍රිකාවට එරෙහිව කේප්ටවුන්හිදී පැවැති ටෙස්ට් තරගය කඩුලු 7 කින් පරාජයට පත්වීමෙන් දිනකට පසු පරිදි විරාත් කෝලි ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වී තිබේ. ඉන්දීය කණ්ඩායම දකුණු අප්‍රිකාව හමුවේ ටෙස්ට් තරගාවලිය 2-1 ක් ලෙස පරාජයට පත් විය.
2015 වසරේ මුල් භාගයේදී මහේන්ද්‍ර සිං දෝනි ඕස්ට්‍රේලියාවේදී විශ්‍රාම ගැනීම ප්‍රකාශ කළ පසු පූර්ණ කාලීන ටෙස්ට් නායකයා ලෙස වැඩ භාර ගත් කෝලි ඉන්දියාවේ මෙතෙක් බිහි වූ සාර්ථකම ටෙස්ට් නායකයා ලෙස ඔහුගේ රාජකාරිය අවසන් කළේය.
පසුගිය වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර නායකත්වයෙන් ඉල්ලා අස්වන බවට විරාට් කෝලි නිවේදනය කිරීමත් සමග ඔහු සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අතර ඇති වූ ප්‍රසිද්ධ අදහස් හුවමාරු කිරීම් මාලාවකින් පසුව මෙම හදිසි තීරණය ගෙන තිබේ. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් දෙසැම්බර් මස මුලදී, එක්දින නායකත්වයෙන් කෝලි ඉවත් කර, නව සීමිත ඕවර නායකයා ලෙස රෝහිත් ෂර්මා පත් කරන ලදී.
විස්සයි20 නායකත්වයෙන් ඉවත් නොවන ලෙස කෝලිගෙන් ඉල්ලා සිටි නමුත් ඔහු එය නොතකා ඉන් ඉවත් වූ බව, දිනකට පසුව, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රව් ගංගුලි මහතා විසින් මාධ්‍ය හමුවේ පැවසීය.
”නැවත සලකා බලන ලෙස මට කවුරුවත් කිව්වේ නෑ”.
”දකුණු අප්‍රිකා සංචාරය සඳහා ටෙස්ට් සංචිතය තේරීමේ රැස්වීමට මිනිත්තු 90 කට පෙර තමා එක්දින නායකත්වයෙන් ඉවත් කිරීම ගැන මට පැවසූවා. මා සමඟ කිසිදු පූර්ව සන්නිවේදනයක් තිබ්බේ නෑ” යැයි එම මාධ්‍ය හමුවේදීම කෝලි සිය කලකිරීම ප්‍රකාශ කරමින් කියා සිටියේය.
තේරීම් කමිටු සභාපති චේතන් ෂර්මා විසින් දෙසැම්බර් 31 වන දින දකුණු අප්‍රිකානු සංචාරය සඳහා එක්දින සංචිතය ප්‍රකාශයට පත් කරමින් රැස්වීමට පැමිණ සිටි සියලු දෙනා කෝලිගෙන් විස්සයි 20 නායකත්වයෙන් ඉවත් වීමට ගත් ඔහුගේ තීරණය නැවත සලකා බලන ලෙස ඉල්ලා සිටීබව පැවසීමත් සමඟ මතභේදය තවත් දුරදිග ගියේය.
“කණ්ඩායම නිවැරදි දිශාවට ගෙනයාමට වසර 7 ක් වෙහෙස මහන්සි වී නොපසුබට උත්සාහයෙන් සෑම දිනකම වෙහෙස මහන්සි වී වැඩ කළා. මම එම කාර්යය සම්පූර්ණයෙන්ම, අවංකව ඉටු කළ අතර කිසිවක් ඉතිරි කළේ නෑ. යම් අවස්ථාවක සෑම දෙයක්ම අතාරින්න වෙනවා. ඉන්දියාවේ ටෙස්ට් නායකයා ලෙස මටත් දැන් ඒ සඳහා කාලය පැමිණ තියෙනවා”
“මේ ගමනෙදි බොහෝ උඩු යටිකුරු වීම් මෙන්ම සමහර පසුබෑම් ද තිබුනා. නමුත් කිසි විටෙකත් උත්සාහයේ අඩුවක් හෝ විශ්වාසයක් අඩුවක් තිබ්බේ නෑ. මම කරන සෑම දෙයකදීම මගෙන් සියයට 120 ක් දුන්නා. මට එය කළ නොහැකි නම්, එය නිවැරදි දෙයක් නොවන බව මම දන්නවා. මගේ හදවතේ නිරවුල් පැහැදිලි බවක් ඇති අතර මට මගේ කණ්ඩායමට වංක වෙන්න බෑ” යයිද විරාට් කෝලි ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වීමෙන් පසුව පැවසීය.
“මෙතරම් දිගු කාලයක් මගේ රට මෙහෙයවීමට මට අවස්ථාව ලබා දීම ගැන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ස්තූති වන්ත වෙනවා...”
“පළමු දිනයේ සිටම කණ්ඩායම වෙනුවෙන් මා තුළ තිබූ දැක්ම කිසි විටෙකත් අත් නොහළ සියලුම කණ්ඩායම් සගයන්ට ස්තූතිවන්ත වෙනවා. ඔයාලා සමගින් මේ ගිය ගමනේ මතක හරි ලස්සනයි. අපිව ටෙස්ට් ක්‍රිකට් වලින් එක දිගට ඉහලට ගෙනියපු මේ වාහනේ පිටිපස්සේ එන්ජිම වුන රවී අයියාට (පුහුණුකරු සහ හිටපු කළමණාකරු රවී ශාස්ත්‍රි මහතා) සහ සහය කාර්ය මණ්ඩලයටත් ස්තූති වන්ත වෙනවා”
“මේ කණ්ඩායම ඉහළට ගේන්න ඔයාලා හැමෝම සුවිශාල කාර්යභාරයක් කරලා තියෙනවා. අවසාන වශයෙන්, නායකයා ලෙස මා කෙරෙහි විශ්වාසය තැබූ සහ ඉන්දීය ක්‍රිකට් ඉදිරියට ගෙන යා හැකි දක්ෂ පුද්ගලයෙකු බවට මාව සොයා දුන් මහේන්ද්‍ර සිං දෝනිට බොහෝ ස්තුතිය පුද කරනවා.” යැයි කෝලි සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.