Last Update  :  2025-08-20 15:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොළඹ රාජකීය ‘බී’ අවසන් පූර්ව වටයට
15න් පහළ ක්‍රිකට්

කොළඹ රාජකීය ‘බී’ අවසන් පූර්ව වටයට

editorial - 2025 අගෝ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ අන්තර් පාසල් දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට කොළඹ රාජකීය විද්‍යාල ‘බී’ කණ්ඩායම පසුගියදා සමත්විය.

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී කොළඹ රාජකීය විද්‍යාලයීය ‘බී’ කණ්ඩායම විසින් නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරන ලදි. 

කොළඹ රාජකීය විද්‍යාලයීය ‘බී’ කණ්ඩායම  වෙනුවෙන් දකුණත් පිට දඟ පන්දු යවන උෂේන් තුඩුගල නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලට එරෙහිව පන්දුවෙන් විශිෂ්ඨ දස්කම් දක්වමින් ලකුණු 12 කට කඩුලු 6ක් දවාලීමට සමත්විය.


කොළඹ රාජකීය විද්‍යාලය ‘බී’ කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 8 ට 185 යි
(තලාල් කමිල් 57, සිතුක අල්විස් 42, දුල්න නිම්නාල් 25, රවිනු රණතුංග 22, සෙනෙතු තිසෙන් 38/3,මිහේල මින්තක 45/3)

නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල - ඕවර 44.1 කදී 128 යි 
(ගගන අභිලාෂ් 53, නවීෂ් ඉන්දුම 36, උෂේන් තුඩුගල 12/6, විශ්මිද ප්‍රනාන්දු 18/2)

 


අදහස් (0)

කොළඹ රාජකීය ‘බී’ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.