‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ දෙවැනි වටයේ තරගයකදී වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විදුහලට එරෙහිව පැරබෝලා න්‍යායට අනුව ලකුණු 76 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ රාජකීය විදුහල සමත්විය. මෙම තරගය කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කොළඹ රාජකීය විදුහලේ ඉසිවර දිසානායක (62) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර ප්‍රශාන් කල්හාර ලකුණු 05 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
රාජකීය විදුහල - ඕවර 44 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 218
(ඉසිවර දිසානායක 62, තිතිර වීරසිංහ 36, ළහිරු මදුශංක නොදැවී 34, තෙවිඳු සේනාරත්න 24, තරූෂ ප්‍රනාන්දු 31/5, දනුක නිර්මාල් 21/2, සෙනුර ප්‍රනාන්දු 34/2)
ජෝසප් වාස් විදුහල - ඕවර 24 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 72
(දිනෙත ඔනෙල් නොදැවී 31, ප්‍රශාන් කල්හාර 05/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.