Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොල්කටා පිලට කඩුලු 5 ක ජයක්

කොල්කටා පිලට කඩුලු 5 ක ජයක්

editorial - 2021 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පංජාබ් කිංග්ස් පිලට එරෙහිව අහ්මදාබාද් හිදී අද (26 වැනිදා) පැවැති 21 වැනි තරගය කඩුලු 5 කින් ජයගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 124 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට් රයිඩර්ස් පිල ඕවර 16.4 කදී කඩුලු 5 ක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.

ඔයින් මෝගන් පන්දු 40 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 47 ක් සහ  රාහුල් ත්‍රීපාටි පන්දු 32 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 41 ක් රැස්කරමින් කොල්කටා පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

කාසියේ වාසිය දිනූ කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පංජාබ් කිංග්ස් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 123 ක් පමණි.

ආරම්භයේදී වේගවත් ලකුණු රැස්කිරීමක නිරත වුවද කඩුලු එකින් එක බිඳ වැටීමත් සමගින් පංජාබ් කිංග්ස් පිලේ ලකුණු රැස්කිරීමේ වේගය අඩාල විය.

ආරම්භක පිතිකරු මයන්ක් අගර්වාල් පන්දු 34 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 31 ක් රැස්කළ අතර පසුපෙළ පිතිකරු ක්‍රිස් ජෝර්දාන් පන්දු 18 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගින් වේගවත් ලකුණු 30 ක් ලබාගැනීමට සමත්විය.

පන්දුවෙන් දස්කම් දැක්වූ ප්‍රසිද් ක්‍රිෂ්නා කඩුලු 3 ක් ද සුනිල් නරේන් සහ පැට් කමින්ස් කඩුලු 2 බැගින්ද දවාගනිමින් පංජාබ් කිංග්ස් පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.

පංජාබ් කිංග්ස් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 123
(මයන්ක් අගර්වාල් 31, ක්‍රිස් ජෝර්දාන් 30, ප්‍රසිද් ක්‍රිෂ්නා 30/3, සුනිල් නරේන් 22/2, පැට් කමින්ස් 31/2)

කොල්කටා නයිට් රයිඩර්ස් - ඕවර 16.4 කදී කඩුලු 5 ක් දැවී 124
(රාහුල් ත්‍රීපාටි 41, ඔයින් මෝගන් නොදැවී 47)

 

- 2079


අදහස් (0)

කොල්කටා පිලට කඩුලු 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.