Last Update  :  2025-12-23 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොදෙව් - බංග්ලාදේශ තරග 2 ක් ඇමරිකාවේ

කොදෙව් - බංග්ලාදේශ තරග 2 ක් ඇමරිකාවේ

Nisanka Sandeepani - 2018 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජුනි මාසයෙන් ආරම්භ වන බංග්ලාදේශය හා බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ අවසන් විස්සයි 20 තරග දෙක ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයේදී පැවැත්වීමට නියමිතය.  මෙම තරගාවලියේ තරග කිහිපයක් හෝ ඇමරිකාවේ පැවැත්වීමේ ප්‍රධාන අභිප්‍රාය වන්නේ ඇමරිකාව තුළද ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමයි. 


බංග්ලාදේශය, කොදෙව්වන් සමග ටෙස්ට් තරග 2කට, එක්දින තරග 3කට සහ විස්සයි 20 තරග 3කට සහභාගී වීමට  නියමිතය. 

ෆෝර්ට් ලෝන්ඩර්ඬේලිහී පිහිටි සෙන්ට්‍රල් බ්‍රෝඞ් කලාපීය උද්‍යාන ක්‍රීඩාංගණයේදී ඉන්දියාවට හා නවසිලන්තයට එරෙහිව බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම විස්සයි 20 තරග 4 කට ක්‍රිඩා කර ඇති අතර එයින් තරග 3 ක්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කර ඇත. සෙසු තරගය විසදුමකින් තොරව අවසන් වී ඇත. කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ තරග ද  මෙම ක්‍රීඩාංගණයේදී පවත්වනු ලැබේ. 

“කොදෙව් ක්‍රිකට් තරග නැරඹීම හා එය අනුගමනය කරන සංඛ්‍යාව වැඩි කිරිමේ අරමුණක් ලෙස අපි මෙය දකිනවා. අපගේ මෙම උපාය මාර්ගික අරමුණු වලට සහය වනු ඇතැයි කියා සිතනවා”

එක්සත් ජනපදය පුරා වෙසෙන බටහිර ඉන්දියානුවන් සහ බංග්ලාදේශ රසිකයන් මෙම තරග දෙක නැරඹීම සඳහා අප සමඟ සම්බන්ධ වනු ඇතැයි බටහිර ඉන්දීය කොදෙව් ප්‍රධාන විධායක නිලධාරි ජොනි ග්‍රේව් මහතා පවසා සිටියේය. 

කොදෙව් පිල  සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගය ජූලි 4 වැනිදා විවියන් රිචඞ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර දෙවන ටෙස්ට් තරගය ජුනි 12 වෙනිදා සබීනා පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

තරග කාල සටහන 

ජූලි 4-8 : පළමු ටෙස්ට් තරගය  ශ්‍රීමත් විවියන් රිචඞ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 

ජූලි 12-16 : දෙවන ටෙස්ට් තරගය සබීනා උද්‍යාන ක්‍රීඩාංගණයේදී 

ජූලි 22 : පළමු එක්දින තරගය : ගයානා ජාතික ක්‍රීඩාංගණයේදී 

ජූලි 25 : දෙවන එක්දින තරගය : ගයානා ජාතික ක්‍රීඩාංගණයේදී (දිවා/රාත්‍රී) 

ජූලි 28 : තෙවන එක්දින තරගය : වෝනර් උද්‍යාන ක්‍රීඩාංගණයේදී 

ජූලි 31 : පළමු විස්සයි 20 තරගය :  වෝනර් උද්‍යාන ක්‍රීඩාංගණයේදී 

අගෝස්තු 4 : දෙවන විස්සයි 20 තරගය : සෙන්ට්‍රල් බ්‍රෝඞ් කලාපීය උද්‍යාන ක්‍රීඩාංගණයේදී

අගෝස්තු 5 : තෙවන විස්සයි 20 තරගය : සෙන්ට්‍රල් බ්‍රෝඞ් කලාපීය උද්‍යාන ක්‍රීඩාංගණයේදී

024

 

 

 


අදහස් (0)

කොදෙව් - බංග්ලාදේශ තරග 2 ක් ඇමරිකාවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.