Last Update  :  2025-05-14 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොදෙව් - පාකිස්තානු තරගය අතහැර දමයි

කොදෙව් - පාකිස්තානු තරගය අතහැර දමයි

editorial - 2021 ජුලි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

බාර්බඩෝස් නුවරට දිගින් දිගටම පැවැති වර්ෂාව හේතුවෙන් පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඊයේ (28 වැනිදා) පැවැති පළමු වැනි විස්සයි-20 තරගය අතහැර දැමීමට සිදුවිය. 

පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් පිල ඕවර 9 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 85 ක් ලබාගත්තේය. එහෙත් එතැන් සිට තරගය ආරම්භ කළ නොහැකි විය. එයද වර්ෂාව හේතුවෙන් තරගය එක කණ්ඩායමක් සඳහා ඕවර 9 ක් දක්වා අඩු කිරීමෙන් පසුවය. 

මොහොමඩ් වසිම්ගේ පන්දුවක් ගෙලෙහි වැදීමෙන් ලෙන්ඩ්ල් සිමන්ස් තුවාල ලැබීම මෙම තරගයේදී කොදෙව් පිලට සිදුවූ බලවත් අවාසියක් විය. කෙසේ වෙතත් පන්දු 9 කින් ලකුණු 22 ක් ලබාගත් කිරන් පොලාර්ඩ් සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා කොදෙව් පිල ඇදගෙන ගියත් වර්ෂාව හේතුවෙන් කොදෙව් පන්දු යවන්නන්ට සටන ආරම්භ කළ නොහැකි විය. 

බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 9 දී කඩුලු 5 ක් දැවී 85 යි
(කිරන් පොලාර්ඩ් නොදැවී 22, හසන් අලී 11/2)

- 213


අදහස් (0)

කොදෙව් - පාකිස්තානු තරගය අතහැර දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.