Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මොමිනුල් හක් ලබාගත් 10 වැනි ටෙස්ට් ශතකය නිසා චිතගොන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ජයගැනීමට නම් දෙවැනි ඉනිමේදී ලකුණු 395 ක් රැස්කරන සේ බංග්ලාදේශීයයෝ කොදෙව්වන්ට අභියෝග කළහ. අභියෝගය බාරගත් කොදෙව් පිල තරගයේ සිව්වැනි දිනය වූ සෙනසුරාදා (6) ක්‍රීඩාව නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 110 ක් ලබා සිටියේය.
තරගයේ ඉතිරිව ඇත්තේ එකම දිනයක් වන අතර තරගය ජයගැනීමට තවත් ලකුණු 285 ක් ලබාගත යුතුව තිබේ.
ලකුණු 218 වාසියක් හිමිව තිබියදී බංග්ලාදේශය වෙනුවෙන් අද දවසේ ඉනිම ආරම්භ කළ මොමිනුල් හක් හතරේ පහරකින් දිනය ආරම්භ කළේය. මුෂ්ෆිකුර් රහීම් ඉක්මනින් දැවී ගිය නමුත් ලිටන් දාස් සමගින් එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 133 ක සම්බන්ධතාවක් පැවැත්වූ මොමිනුල් තමන්ගේ වාසිය ලකුණු 350 න් ඔබ්බට ගෙන ගියේය.
බංග්ලාදේශ ඉනිමේ අවසන් කඩුලු 4 ම ලකුණු 17 ක් තුළ දවාගත හැකිවූ නමුත් කොදෙව් පිලට සිදු වන්නට තිබූ හානිය ඒ වන විට වී තිබිණ. එබැවින් කිසිදු බිය සැකයකින් තොරව ලකුණු 223 කට කඩුලු 8 ක් තිබියදී ඉනිම අත්හිටවූ බංග්ලාදේශ නායක මොමිනුල් හක් ලකුණු 395 ක ඉලක්කයක් කොදෙව්වන්ට පෙන්වූයේ තේ පානයට පෙරත් යැවීමට ඕවර 7 ක් ඉතිරි කරමිනි.
අසීරු අභියෝගයක් ඉදිරියේ තිබුණ නමුත් කොදෙව් ආරම්භක පිතිකරුවන් වූ ක්‍රෙග් බ්‍රැත්වෙයිට් සහ ජෝන් කැම්බල් දෙදෙනා පැයකට වැඩි කාලයක් තිස්සේ තම කඩුලු ආරක්‍ෂා කරගත්හ. එහෙත් පන්දු 14 ක් ඇතුළත දෙදෙනාම දැවී ගිය හෙයින් කොදෙව් පිල අමාරුවේ වැටිණ.
බංග්ලාදේශය - පළමු ඉනිම 430 යි
බටහිර ඉන්දීය කොදෙව් - පළමු ඉනිම 259 යි
බංග්ලාදේශය - දෙවැනි ඉනිම කඩුලු 8 ක් දැවී 223 යි
(මොමිනුල් හක් 118, මුෂ්ෆිකුර් රහීම් 18, ලිටන් දාස් 69, රකීම් කොන්වෝල් 81/3, ෂැනන් ගේබි්‍රයෙල් 37/2, ජොමෙල් වැරිකන් 57/3)
බටහිර ඉන්දීය කොදෙව් - දෙවැනි ඉනිම කඩුලු 3 ක් දැවී 110 යි
(ක්‍රෙග් බ්‍රත්වෙයිට් 20, ජෝන් කැම්බෙල් 20, ෂේන් මෝස්ලේ 12, කෲමා බෝනර් නොදැවී 15 කයිල් මේයර්ස් නොදැවී 37, මෙහෙදි හසන් 52/3)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.