Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (19 වැනිදා) පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 287 ක් පමණි. ඒ අනුව කොදෙව් කණ්ඩායම එංගලන්තයට වඩා තවත් ලකුණු 182 ක් පසුපසින් සිටියේය.
තේ පානය සඳහා තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 227 ක් රැස්කර සිටි කොදෙව් කණ්ඩායමට අවසන් කඩුලු 6 අහිමි වනවිට සිය පළමු ඉනිම සඳහා එක්කර ගැනීමට හැකිවූයේ තවත් ලකුණු 60 ක් පමණි.
තෙවැනි දිනය වූ පෙරේදා (18 වැනිදා) වර්ෂාව හේතුවෙන් තරගයේ එක් ඕවරයක් හෝ යැවීමට නොහැකි වූ අතර ඊයේ දිනයේදී තරගය ආරම්භ කරන විට කොදෙව්වෝ කඩුල්ලක් දැවී ලකුණු 32 ක් ලබා සිටියහ. දෙවැනි දිනයේ (17 වැනිදා) පස්වරුවේ රාත්‍රී මුරකරු පිතිකරු ලෙස පිටියට පිවිසි අල්සාරි ජෝෂප් හතරේ පහර 3 ක් සමග ලකුණු 32 ක් රැස්කිරීමට සමත් විය.
ක්‍රෙග් බ්‍රැත්වේට් සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූ ජෝෂප්, ඊයේ කොදෙව් ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස ඩොමිනික් බේස්ගේ පන්දුවක් හමුවේ ඔලී පෝප් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය. ෂෝෂප්ගේ දැවී යෑමෙන් අනතුරුව බ්‍රැත්වේට් සමග එක්වූ ශායි හෝප් ආරක්ෂාකාරී පිතිහරඹයක නිරත වෙමින් කෙමෙන් කෙමෙන් කොදෙව් ලකුණු පුවරුව ශක්තිමත් කළේය.
නමුත් අවාසනාවකට දිවා ආහාරයෙන් පසුව සෑම් කරන් යවන ලද තෙවැනි ඕවයේදී ලකුණු 25 ක් ලබාසිටි ශායි හෝප් දැවී ගියේය. ජොස් බට්ලර් අතර උඩපන්දුවක් දෙමින් හෝප් දැවී යනවිට පන්දු 71 කට මුහුණ දෙමින් හතරේ පහර 5 ක් සිය ඉනිමට එක්කර ගත්තේය.
ලකුණු 123 කට කඩුලු 3 ක් දැවී තිබියදී සිව්වැනි කඩුල්ල සඳහා ශමාර් බෘක්ස් සමගින් එක්ව ලකුණු 76 ක සම්බන්ධතාවයක් පවත්වමින් කොදෙව් ඉනිම ගොඩනැගූ ආරම්භක පිතිකරු ක්‍රෙග් බ්‍රැත්වේට් ලකුණු 75 කට දැවී ගියේය. පන්දු යැවූ බෙන් ස්ටෝක් විසින්ම රැකගත් උඩපන්දුව හේතුවෙන් බ්‍රැත්වේට්ගේ ඉනිම අවසන් වනවිට පන්දු 165 කට මුහුණදුන් ඔහුගේ ඉනිමට හතරේ පහර 8 ක් ඇතළත් විය.
තේ පානයෙන් අනතුරුව පිට පිට ඕවර 2 කදී ශමාර් බෘක්ස් සහ ජෙරම් බ්ලැක්වුඞ්ගේ කඩුලු දවාගැනීමට ස්ටුවර්ඞ් බ්‍රෝඞ් සමත්විය. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව බෘක්ස් දැවී යන විට පන්දු 137 කදී හතරේ පහර 11 සමගින් ලකුණු 68 ක් රැස්කර සිටි අතර බ්‍රෝඞ් පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් බ්ලැක්වුඞ් ලකුණු නොලබාම දැවී ගියේය.
පසුපෙළ පිතිකරුවන් අසාර්ථක වනවිට එක් අන්තයක් ආරක්‍ෂා කරගනිමින් හුදකලා සටනක නිරතවූ රොස්ටන් චේස්, ක්‍රිස් වෝක්ස්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවී ගියේය. ඔහු දැවීයන විට පන්දු 85 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 51 ක් රැස්කර සිටියේය.
වර්ඞ් බ්‍රෝඞ් සහ ක්‍රිස් වෝක්ස් අතර කඩුලු 3 බැගින් බෙදී ගිය අතර සෑම් කරන් කඩුලු 2 ක් දවාගත්තේය.
තරගයේ සිව්වැනි දිනයට අද තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම ලකුණු 37 කට කඩුලු 2 ක් අහිමිකර ගෙන සිටියේය. ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට වඩා ලකුණු 219 ක් ඉදිරියෙන් සිටීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.
බෙන් ස්ටෝක්ස් ලකුණු 16 ක් සහ ජෝ රූට් ලකුණු 8 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.
ගලන්ත පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 469
(රෝරි බර්න්ස් 15, ඩොමිනික් සිබ්ලි 120, ජෝ රූට් 23, බෙන් ස්ටෝක්ස් 176, ජොස් බට්ලර් 40, සෑම් කරන් 17, ඩොමිනික් බේස් නොදැවී 31, රොස්ටන් චේස් 172/5, කේමර් රෝච් 58/2)
කොදෙව් පළමු ඉනිම - සියලුදෙනා දැවී 287
(ක්‍රෙග් බ්‍රැත්වේට් 75, අල්සාරි ජෝෂප් 32, ශායි හෝප් 25, ශමාර් බෘක්ස් 68, රොස්ටන් චේස් 51, ස්ටුවර්ඞ් බ්‍රෝඞ් 66/3, ක්‍රිස් වෝක්ස් 42/3, සෑම් කරන් 70/2)
එංගලන්ත දෙවැනි ඉනිම - කඩුලු 2 ක් දැවී 37
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.