Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොදෙව්වෝ කඩුලු 5 කට 223 යි

කොදෙව්වෝ කඩුලු 5 කට 223 යි

editorial - 2021 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) ආරම්භවූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 223 ක් ලබා සිටියේය.

පළමු දිනය සඳහා තරගය නතර කරන විට කෘමා බෝනර් හතරේ පහර 6 ක් සමග ලකුණු 74 ක්ද, ජොෂුවා ද සිල්වා හතරේ පහරක් සමග ලකුණු 22 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා අතර හයවැනි කඩුල්ලට පැවැති නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 45 කි.

ආරම්භක පිතිකරුවන්වූ ක්‍රෙග් බ්‍රැත්වේට් ලකුණු 47 කට සහ ජෝන් කැම්බල් ලකුණු 36 කට පිටියෙන් ඉවත් කිරීමට සෞම්‍ය සර්කාර් සහ තයිජුල් ඉස්ලාම් සමත්වූහ.

මුළු ලකුණු සංඛ්‍යාව 116 ක් වනවිට පිතිකරුවන් සිව්දෙනෙකු ක්‍රීඩාගාරයට යෑම නිසා කොදෙව් පිල දැඩි අපහසුතාවයකට පත්ව සිටි නමුත් කෘමා බෝනර් සිව්වැනි කඩුල්ල සඳහා ජර්මේයින් බ්ලැක්වුඩ් සමගින් ලකුණු 62 ක සම්බන්ධතාවයක් පවත්වමින් ඉනිම ගොඩනැගීය. මිනිත්තු 89 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි බ්ලැක්වුඩ් පන්දු 77 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 28 ක් ලබාගත්තේය.

අබු ජයේද් සහ තයිජුල් ඉස්ලාම් කඩුලු 2 බැගින් බිඳ දැමූ අතර සෞම්‍ය සර්කාර් කඩුල්ලක් දවාගත්තේය.


බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම - කඩුලු 5 ක් දැවී 223
(ක්‍රෙග් බ්‍රැත්වේට් 47, ජෝන් කැම්බල් 36, කෘමා බෝනර් නොදැවී 74, ජර්මේයින් බ්ලැක්වුඩ් 28, ජොෂුවා ද සිල්වා නොදැවී22, අබු ජයේද් 46/2, තයිජුල් ඉස්ලාම් 64/2)

 -036


අදහස් (0)

කොදෙව්වෝ කඩුලු 5 කට 223 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.