Last Update  :  2025-08-13 19:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කේන් විලියම්ස් පෙරමුණ ගනී

කේන් විලියම්ස් පෙරමුණ ගනී

editorial - 2020 දෙසැ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


 

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් අද (31 වැනිදා) නිකුත් කරන ලද නවතම ටේස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් වලට අනුව පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට නවසීලන්ත නායක කේන් විලියම්සන් සමත්විය. ඇගයීම් ලකුණු 890 ක් ලබාගත් විලියම්සන් ඉන්දියාවේ විරාට් කෝලී (879) සහ ඕස්ටේ්‍රලියාවේ ස්ටීවන් ස්මිත් (877) පසුකර යෑමට සමත්විය. 

මේ මාසයේ පීතෘ නිවාඩුවෙන් පසුව යළි පැමිණි විලියම්සන්, පාකිස්තානයට එරෙහි පැවැති පළමු ටෙස්ට් තරගයේදී ශතකයක් ලබා ගනිමින් ලකුණු 101 ක ජයක් කරා නවසීලන්ත කණ්ඩායම මෙහෙය වූයේය.

කේන් විලියම්සන්ට පෙර ටෙස්ට් ශ්‍රේණිගතක කිරීම්හි පිතිකරුවන් අතර පෙරමුණ ගෙන සිටි ස්ටීවන් ස්මිත් ඉන්දියාවට එරෙහිව පැවැති තරග දෙකේදී පසුබෑමට ලක්වූ අතර ඉනිම හතරකදී ඔහු රැස්කර ඇත්තේ ලකුණු 10 ක් (1, නොදැවී 1, 0, 8) පමණි. මෙම පසුබෑම නිසා ඇඩිලේඞ් හි පැවති පළමු ටෙස්ට් තරගයෙන් පසුව ස්මිත් තෙවැනි ස්ථානය දක්වා ස්මිත් පහත් වැටුණි.

ඕස්ටේ්‍රලියාවේ පැට් කමින්ස් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හී ඉහළින්ම සිටින අතර මිචෙල් ස්ටාර්ක් ස්ථාන දෙකක් පසුකර පළමු පස් දෙනා අතරට පැමිණියේය. මෙල්බර්න් ටෙස්ට් තරගයේදී ඉන්දියාවේ දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් 7 වැනි ස්ථානයට සහ වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා 9 වැනි ස්ථානයටත් පැමිණෙමින් හොඳම 10 අතර ස්ථානයක් වෙන්කර ගැනීමට සමත්වූහ.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 79 ක් ලබා සිටියදී ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වූ ධනංජය ද සිල්වා පිතිකරුවන් ශේණිගත කිරීම් අතරේ 34 වන ස්ථානය දක්වා ස්ථාන 9කින් ඉදිරියට පැමිණ ඇත. පළමු ඉනිමේ දී ලකුණු 85 ක් සහ දෙවන ඉනිමේ දී ලකුණු 25 ක් රැස් කළ දිනේෂ් චන්දිමාල් ස්ථාන 3 කින් ඉදිරියට පැමිණ ඇති අතර මේ වනවිට ඔහු 38 වන ස්ථානයේ පසුවන්නේය.

දෙවන ඉනිමේ දී අර්ධ ශතකයක් ලබාගත් කුසල් පෙරේරා 60 වන ස්ථානය දක්වා ස්ථාන 4කින් ඉදිරියට පැමිණීමට ද සමත්ව තිබේ. නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හී 17 වැනි ස්ථානය දක්වාත් කුසල් මෙන්ඩිස් 30 වැනි ස්ථානය දක්වාත් පසුබැස ඇත.

පන්දු යවන්නන් ශේණිගත කිරීම්වලට අනුව 45 වන ස්ථානය දක්වා ස්ථාන 2කින් ඉදිරියට පැමිණීමට විශ්ව ප්‍රනාන්දු සමත්ව ඇත.
 
- 2079

 


අදහස් (0)

කේන් විලියම්ස් පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.