Last Update  :  2025-10-15 21:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කුරුණෑගල ශාන්ත ආනා අවසන් පූර්ව වටයට
19 න් පහළ පළමු කොටස ‘බී’ තලයේ පාසල් ක්‍රිකට්

කුරුණෑගල ශාන්ත ආනා අවසන් පූර්ව වටයට

editorial - 2025 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ‘බී’ තලයේ අන්තර් පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය සමත්විය.

පළමු වටයේදී තම කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පත්ව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයේදී පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට එරෙහිව කඩුලු 5ක ජයක් ලැබීය. ශාන්ත ආනා විද්‍යාලය වෙනුවෙන් නෙසාද් වීරසේකර පන්දුවෙන් දස්කම් දැක්වූ අතර, කුෂාන් සුබසිංහ පිත්තෙන් දස්කම් දැක්වීය.

අවසන් පූර්ව තරගයේදි රත්ගම දේවපතිරාජ විද්‍යාලය සමගින් කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයට තරග වැදීමට සිදුව ඇත.


පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය - ඕවර 38.5 කදී 122 යි 
(නේක්ෂ ඉද්දමල්ගොඩ 31, උමන්ත ආකාෂ් 22, නෙසාද් වීරසේකර 29/4, ඉෂාන් ඛාන් 18/2)
 
කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය -ඕවර 28 කදී කඩුලු 5 ට  124 යි
(කුෂාන් සුබසිංහ නොදැවී 50, සනුජ දිසානායක නොදැවී 23)


කුෂාන් සුබසිංහ 

 

නෙසාද් වීරසේකර


අදහස් (0)

කුරුණෑගල ශාන්ත ආනා අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.