Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කාන්තා ක්‍රිකට් පිල හෙට තරග බිමට

කාන්තා ක්‍රිකට් පිල හෙට තරග බිමට

editorial - 2022 ජුලි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළේලේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන පළමු තරගය එංගලන්තයට එරෙහිව හෙට (30 වැනිදා) බර්මින්හැම්හිදී පැවැත්වේ. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.30 ආරම්භ වීමට නියමිතය.

මූලික වටයේදී ‘බී’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අගෝස්තු 2 වැනිදා නවසීලන්තයට එරෙහිවද, අගෝස්තු මස 4 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිවද ක්‍රීඩා කිරීමට නියමිතය. මූලික වටයේදී දක්වන දස්කම් අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා අවස්ථාව උදාවනු ඇත.

“සමාරම්ක උළේලේදී ශ්‍රී ලංකා ධජය රැගෙන යාමට ලැබීම ගැන ගොඩක් සතුටුයි වගේම ඒක ආඩම්බරයක්. තරග ගොඩක් තියෙන මේ වගේ ක්‍රීඩා උළෙලක ධජය රැගෙන යාමට ලැබීම වටිනා දෙයක්. ඒක මගේ ජීවිතයේ වටිනාම දෙයක” යයි අද (29 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පැවසුවාය.

මෙම තරගාවලියට පෙර ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කළ විස්සයි-20 තරගාවලියේදී ලැබූ අත්දැකීම් මෙම තරගාවලියේදී තම කණ්ඩායමට මහඟු පිටිවහලක් වනු ඇතැයිද එහිදී චමරි කියා සිටියාය.

“අනෙක් කණ්ඩායම් කොපමණ තරග ජයග්‍රහණය කරලා තිබුණත්, හොඳ ක්‍රීඩිකාවන් ඔවුන්ට සිටියද එදා දවසේදී හොඳටම ක්‍රීඩා කරන කණ්ඩායම තරගය ජයග්‍රහණය කරනවා. ඒක නිසා අපටත් ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තු තියෙනවා.”

“මේ තරගාවලියේදී අනෙක් කණ්ඩායම් අපි ගැන ලොකුවට හිතන්නේ නෑ. ඒකම අපිට ලොකු වාසියක්. කවුරුවත් හිතන්නේ නෑ අපි මේ තරගාවලිය දිනයි කියලා. අපි උපරිමයෙන් මේ තරගාවලිය ක්‍රීඩා කලොත් හොඳ විදියට මේ තරගාවලිය ඉවර කරන්න අපිට පුලුවන් වෙයි.” යැයි ඇය වැඩි දුරටත් සඳහන් කළාය.  

- 2079

 


අදහස් (0)

කාන්තා ක්‍රිකට් පිල හෙට තරග බිමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.