Last Update  :  2025-12-22 16:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රීඩිකාවන්ගේ මනස හැදුවා - පුහුණුකරු

ක්‍රීඩිකාවන්ගේ මනස හැදුවා - පුහුණුකරු

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ වැටී තිබුණු මානසික මට්ටම සහ විශ්වාසය ඉහළ නැංවීමට තම පළමු කාර්යය වූ බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු හර්ෂ ද සිල්වා මහතා අද (31) පැවසීය.

බටහිර ඉන්දීය කොදෙව්හිදී ලබන මේ මස 9 වැනිදා ආරම්භ වන හයවැනි විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා පිල පිටත්ව යෑමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී ඊයේ පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී හර්ෂ මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“මම ලොකු වෙනස්කමක් කළේ නෑ. මම දැක්කා බොහෝ ක්‍රීඩිකාවන්ගේ විශ්වාසය පහත වැටී තිබුණා. තරග පරාජය එයට හේතුවෙලා තිබුණා. මම ක්‍රීඩිකාවන්ට කිව්වේ කණ්ඩායමේ වැඳගත්ම පුද්ගලයො අපි නොවෙයි ඔබයි. ඒක තමයි මම දුන්න පළමු පණිවුඩය. ඒ අය ගොඩක් වටිනාවා කියලා ඔවුන්ට හැගෙන්න ඕනේ, දැනෙන්න ඕනේ”

“මම ඒ පණිවුඩය දුන්නට පසුව මම දැක්කා ඔවුන් හිතන සහ වැඩ කරන ආකාරයේ ලොකු වෙනසක්. පුහුණුව හැරෙන්නට මානසිකත්වය ඉහළට ගන්න උපදෙස් දුන්නා. ඒ වගේම දිරිගැන්වීමේ වැඩසටහන් කළා”
ප්‍රවේගකාරී පිතිකාරි චමරි අතපත්තු පිළිබඳව පමණක් විශ්වාසය තබා තව දුරටත් කණ්ඩායමක් හැටියට ක්‍රීඩා කළ හැකිද යන ප්‍රශ්නයට හර්ෂ මහතා මෙසේ පිළිතුරු සැපයීය.

“චමරි අතපත්තු නායකත්ව දැරුවත් මේක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම. චමරි අතපත්තු කණ්ඩායම නොවෙයි. කණ්ඩායමේ එකොළොස් දෙනාගේ පිතිකාරියන්, පන්දු යවන්නියන් සහ තුන් ඉරියව් ක්‍රීඩිකාවන් කියලා වෙන් වෙන්ව ඉන්නවා. ඔවුන් තමන්ගේ වගකීම මොකක්ද කියලා හදුනාගත යුතුයි. චමරි අතපත්තු අසාර්ථක වන දිනයේ වෙනත් ක්‍රීඩිකාවක් එය ඉටු කළ යුතුයි”

“ඕනෑම කණ්ඩායමකට අවශ්‍යතාව අනුව සැළැස්ම තියෙනවා. ඒක අපේ කණ්ඩායමටත් පොදුයි. අපිට ලකුණු අවශ්‍ය අවස්ථාවක ඒෂානි ලොකුසූරිය නොවෙයි වේගයෙන් ලකුණු රැස්කරන්න හැකි පිතිකාරියක් වුවද ඉදිරියට ගන්න පුළුවන්”

ශ්‍රී ලංකා පිලේ නායිකා චමරි අතපත්තු මෙම මාධ්‍ය හමුවේදී මෙසේ අදහස් දැක්වූවාය.

ඡායාරූපය - ගයාන් අමරසේකර


අදහස් (0)

ක්‍රීඩිකාවන්ගේ මනස හැදුවා - පුහුණුකරු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.