Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මේ මස 18 වැනිදා පැවැත්වීමට නියමිත 2021 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයෝ 1097 ක් ලියාපදිංචි වී සිටිති. මෙම ක්‍රීඩකයන් 1097 දෙනාට ඉන්දීය ක්‍රීඩකයන් 814 ක් සහ විදෙස් ක්‍රීඩකයන් 283 ක් ඇතුළත්ව සිටින අතර එහි ශ්‍රී ලාංකිකයෝ 31 දෙනෙක් සිටිති.
වෙන්දේසිය සඳහා ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීම ඉකුත් 4 වැනිදා නිමාවට පත් විය.
වෙන්දේසිය සඳහා වැඩිම ක්‍රීඩකයන් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් සමූහයෙනි. ඔවුන් සංඛ්‍යාවෙන් 56 කි. ඊට අමතරව ඕස්ටේ්‍රලියාවෙන් 42 ක්ද, දකුණු අප්‍රිකාවෙන් 38 ක්ද, ඇෆ්ඝනිස්තානයෙන් 30 ක්ද, නවසීලන්තයෙන් 29 ක්ද, එංගලන්තයෙන් 21 ක්ද බැගින් ක්‍රීඩක වෙන්දේසියට එක්ව සිටිති.
මෙවර වෙන්දේසියේදී එංගලන්ත ක්‍රීඩකයන් වන මුයින් අලී, සෑම් බිලින්ස්, ලයාම් ප්ලන්කට්, ජේසන් රෝයි සහ මාක් වුඩ් සඳහා ඉන්දීය රුපියල් කෝටි 2 බැගින් වූ මූලික ලන්සු ඉදිරිපත් වී ඇත. කේදර් ජාදව්, හර්බජාන් සිං, ග්ලේන් මැක්ස්වෙල්, ස්ටීවන් ස්මිත්, සකීබ් අල් හසන් සහ කොලින් ඉන්ග්‍රම් ඇතුළත්ව ඇත්තේද එම ලන්සුවටමය.
කෙසේ වුවත් ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ ප්‍රධානතම වේග පන්දුයවන්නා ලෙස සැලකෙන මිචෙල් ස්ටාක් මෙවර වෙන්දේසිය සඳහාද ඉදිරිපත්වී නැත. බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම නියෝජනය කරමින් 2014 වසරේදී පළමු වරට අයි.පී.එල්. තරගාවලියට සහභාගි වූ ස්ටාක්, 2015 වසරෙන් පසුව අයි.පී.එල්. තරගාවලියකට ක්‍රීඩා නොකළේය.
ඩේවිඩ් මැලන්, මුජීබුර් රහමන්, ඇලෙක්ස් කේරි, නේදන් කූල්ටර්නයිල්, ජේ රිචඩ්සන්, මිචෙල් ස්වෙප්සන්, ටොම් කරන්, ලුවිස් ග්‍රෙගරි, ඇලෙක්ස් හේල්ස්, ඇඩම් ලිත්, අදිල් රෂීඩ් සහ ඩේවිඩ් විලී යන ක්‍රීඩකයන්ට ඉන්දීය රුපියල් කෝටි එකහමාරක ලන්සුවක් ඉදිරිපත් වී තිබේ.
මෑතකදී පැවැති ‘සයිඩ් මුෂ්ටාක් අලී’ කුසලාන තරගාවලියේදී යළිත් වරක් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වූ වමතින් වේග පන්දු යවන අර්ජුන් තෙන්ඩුල්කාර්ටද ඉන්දීය රුපියල් ලක්‍ෂ 20 ලන්සුවක් ඉදිරිපත් වී තිබේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.