Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයකුගේ විනය විරෝධී හැසිරීමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. දැනට නම්කර ඇති ටෙස්ට් සංචිතයට ඇතුළත් නොවන මෙම ක්‍රීඩකයා මීට පෙරත් බොහෝ අවස්ථාවලදී විනය විරෝධී සිදුවීම් වලට මැදිහත් වීම හේතුවෙන් විවිධ ආකාරයේ දඩ සහ දඬුවම් විඳි අයෙකි.
දකුණු පළාතේ ඉහළ පෙළේ හෝටලයකදී පැවැති සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළේ යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් මෙම ක්‍රීඩකයාට චෝදනා එල්ලවී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන්ගේ සමාජයීය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් සිටින බවයි. කිසියම් ක්‍රීඩකයකු විනය විරෝධි හැසිරීමකට වරදකරු වන්නේ නම් දැඩි දඬුවම් පැමිණවීමට පියවර ගන්නා බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරන ලද නිවේදනයක සටහන් වේ.
පසුගිය කාලයේදී සිදුවූ මෙවැනි ක්‍රියා රාශියක් හේතුවෙන් ක්‍රීඩකයන්ගේ හැසිරීම සම්බන්ධයෙන් නවතම ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදෙන බවත්, ක්‍රීඩකයන්ගේ නව වාර්ෂික ගිවිසුම ක්‍රියාත්මක වීමත් සමගම එම ආචාරධර්ම පද්ධතියත් ක්‍රියාත්මක වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.