Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු පළාතේ හෝටලයකදී විනය විරෝධී හැසිරීමක නිරතවූ බවට චෝදනා ලැබූ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයා මානසික උපදේශනය සඳහාද යොමු කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් හෝ සී.සී.ටී.වී දර්ශන ලැබී නොමැති හෙයින් ඔහුට සුළුවෙන් අවවාද කර තිබෙන අතර දක්‍ෂ ක්‍රීඩකයකු වන බැවින් ඔහුගේ ආත්ම විශ්වාසය බිඳ නොදැමීමද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අපේක්‍ෂාවයි.
“සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවූ ප්‍රවෘත්තියක් හේතුවෙන් එම ක්‍රීඩකයාව අපි ගෙන්නලා කරුණු පදහලා දුන්නා. ඒත් එයාට විරුද්ධව නිසි පරීක්‍ෂණයක් කිරීමට තරම් සාක්‍ෂි හෝ පැමිණිල්ලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නෑ” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මෙම ක්‍රීඩකයා මින් පෙර බොහෝ අවස්ථාවලදී විනය විරෝධී සිදුවීම් වලට මැදිහත් වීම හේතුවෙන් දඩ සහ දඬුවම් විදි අයෙක් වන බැවින් ඔහුව මනෝ උපදේශනය සඳහා යොමුකිරිමට පියවර ගෙන ඇති බවද හෙතෙම පැවසීය.
- 2079
Pradeep Friday, 23 April 2021 02:53 AM
ක්‍රීඩාවේ ඇති දක්ෂතාවය පමණක් සැලකිල්ලට ගනිමින් ඔහුට තව තවත් අවස්ථාවන් ලබා දීම අනුමත කළ නොහැකියි. විනය යනු ක්‍රීඩාවේ ඇති මූලික ගුණාංගයකි. මෙම පුවතේම සඳහන් වන පරිදි විනය විරෝධී ක්‍රියාවන්වලට ඔහු කිහිප විටක්ම දඬුවම් විඳි අයෙක්... ඔහුට නැවත නැවත අවස්ථාවන් ලැබෙන විට ඔහු සිතන්නේ මොන දේ කළත් තමන් නැතුවම බැරි ක්‍රීඩකයෙක් කියලයි. එම නිසා ක්‍රීඩාවේ කොතරම් දක්ෂයෙකු වුවත් උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කරන්න...
Reply 0 0
සෑම් Saturday, 24 April 2021 01:13 PM
හොඳම වැඩේ මෙයාගේ ගෙදරට කථාකරලා මෙයාට ඉක්මණට කසාදයක් කරලා දෙන එකයි.
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.